කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 618දෙනෙකු සුවය ලබා අද(22) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 29,300කි.
අද දිනයේදී වැඩිම පිරිසක් සුවය ලබා පිටව ගොස් ඇත්තේ පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වන අතර එම ගණන 95කි.
ආසාදිතයෝ 8,150ක් තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවෙති.
ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන මේ වනවිට 37,631ක් වන අතර, 181 දෙනෙකු මිය ගොසිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd