
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 479 දෙනකු සුවය ලබා අද (22) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 14,069 කි.
ආසාදිතයෝ 5,619 ක් රෝහල්ගතව තවදුරත් ප්‍රතිකාර ලබමින් පසුවෙති.
අද දිනයේදී පිටව ගිය පිරිස අතර වැඩිම සංඛ්‍යාවක් සුවය ලබා පිටව ගොස් ඇත්තේ, පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙනි. එම සංඛ්‍යාව 173 කි.
මේ වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා බවට තහවුරු වූ ආසාදිතයන් ගණන 19,771 ක් වන අතර, 83 දෙනෙකු මියගොසිනි.
2020 නොවැම්බර් 22 වැනිදා වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් තහවුරු කරන ලද සංඛ්‍යාත්මක දත්ත
- සුවය ලැබූ පිරිස = 68.7 %
- ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් = 30.8 %
- මරණ = 0.5 %


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඔයාලා දාන්නේ නැහැ කියලා දන්නවා. එ්ත් මිනිස්සුන්ව රවට්ටන්න එපා. ඔය යන ඔක්කොම හොඳවෙලා නොවෙයි යන්නේ.. දින 14 පහු වුණාම පීසිආර් නොකර ගෙදර යවනවා ගෙදර කොරන්ටයින් වෙන්න කියලා. ඉතින් කොහොමද සුවය ලැබූ ගණන කියලා ලියන්නේ (දින 14 පසුකළා කියලා දාන්න) පහුගිය දවස්වල මාස එකහමාරකට වඩා හිටියා.. ඕක හොඳවෙන්න. මිනිස්සු හිතන්නේ හොඳවෙලා තමයි යවන්නේ කියලා.. මිනිස්සු නැවතත් සමාජ ගතවෙන්න බලනවා. රෝහල් වලින්වත් හරියට දැනුවත් කරන්නේ නෑ. මිනිස්සුන්ට ඕනේ කොහොමහරි ගෙදරයන්න. ඉතින් රටේ නැති බොරුකියලා රෝහලෙන් යනවා..