
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධකරුවන් වන පොඩි ලැසී හා කොස්ගොඩ තාරක ඇතුළු පිරිසකට කොරෝනා වෛරසය ආසාධිත වීමෙන් දැඩි ආරක්ෂාව මධ්‍යයේ ඔවුන් කළුතර පොලිස් පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
එම සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා සිටින ප්‍රතිකාර මධ්‍යස්ථානය අභ්‍යන්තරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ගිනි අවි සහිතව රාජකාරිය යොදවා ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකාය ඒ අවට ආරක්ෂාව තර කර ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඕක දැනගෙන ගොඩාක් කල්. ඔය නොකියා කියන්නේ දියවන්නාවේ ඌරු කොටුවේ ඉන්න, රටේ මිනිස්සුන්ගේ ලේ උරාබොන, 225 ගැන නේද..?
මීළඟ ප්‍රවෘත්තිය " ඔවුන් රෝහලින් පැනයාමට උත්සාහ කළ නිසා වෙඩි වැදී මියයාමයි". නැතිනම් කොරෝනා හේතුව නිසා මියයාමයි..
එහෙනම් ආයුධ පෙන්නන්න අරන් යන්න ඕනෑවෙන්නේ නැති වෙයි..