‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් සෑම මිනිත්තුවකදීම ඇමෙරිකා එක්සත් ජනපදයේ පුද්ගලයකු මරණයට පත්ව ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස සමස්ත මරණ ගණන 150,000 ඉක්මවා ගොස් තිබේ. ලොව වැඩිම වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් බදාදා දිනයේදී නව කොරෝනා වයිරස ආසාදිත මරණ 1,461ක් වාර්තා විය. පසුගිය මැයි මස 27 වැනිදාට පසු ඇමෙරිකාවෙන් දිනක් ඇතුළත වාර්තා වැඩිම මරණ ගණන ද එය යි. ඇමෙරිකාවෙන් මැයි 27 වැනිදා වාර්තා වූ වයිරස ආසාදිත මරණ ගණන 1,484කි.
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පසුගිය දින 11 කාලයේදී වයිරස ආසාදිත මරණ 10,000 ඉක්මවා වාර්තා විය. ඉකුත් ජූනි මාසයෙන් පසු ඇමෙරිකාවෙන් වේගයෙන්ම මරණ වාර්තා වූ දින 11 ලෙස ද එම දින සැලකේ.
අවසන් සති තුන සැලකිල්ලට ගැනීමේදී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දෛනිකව වාර්තා වන මරණ ගණන වැඩි වී තිබෙන නමුත් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන අඩු වී තිබේ. ඒ් අනුව ඉකුත් ජූනි මාසයෙන් පසුව පළමු වරට අඩු වී තිබේ.
රොයිටර්
055
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සෑම මිනිත්තුවකදීම ඇමෙරිකාවේ කොරෝනා ආසාදිත මරණයක්
සේන Thursday, 30 July 2020 04:36 AM
කණගාටුවට කාරණයක්. ජීවත්වෙන්න ආශාවෙන් ඉන්න ජීවීන්නේ මේ මනුලොවෙන් චුත වෙන්නේ. මේ අවස්ථාව හෙඳයි මිනිසුන්ට පාඩමක් ඉගෙනගන්න. ඒකටත් භෞතිකත්වයට එහායින් හිතන විචක්ෂණ බුද්ධියක් තියෙන්න ඕනෑ. පව පින හඳුනන්නත් ඕනෑ.