(බන්ධුල ඉලේපෙරුම)
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20% කට කොවිඩ් 19 එන්නත ලබාදීමට රජය සූදානම් බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (6) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
රජය මේ සඳහා ජිනීවා එන්නත් සංවිධානය වන එන්නත් සහ ප්‍රතිශක්තිකරණය පිළිබඳව ගෝලීය පදනම වෙතින් පසුගිය වසරේ ජූලි 20 වන දින ඉල්ලීමක් කර ඇති බවත් ඒ අනුව කොවැක්ස්පහසුකම ලබා ගැනීම සදහා කොවැක්ස් වැඩසටහන හා ශ්‍රී ලංකාව ගිවිසුම් අත්සන් කරන රටක් ලෙස යෝග්‍යතාව තහවුරු කර ඇති බවත් සෞඛ්‍ය ඇමැතිනිය අනාවරණය කළාය.
මෙරට බෝවෙන රෝග පිලිබඳව උපදේශක කමිටුව එන්නත හෝ එන්නත් කිහිපයක් පිළීබඳව සිය නිර්දේශ ලබාදුන් වහාම රජය කොවිඩ් එන්නත ගෙන ඒමට කඩිනමින් කටයුතු කරන බවද ඇය මෙහිදී සඳහන් කළාය.
එන්නත් පහසුකම් මෙරටට ලබාදීම සම්බන්ධව යෝග්‍යතාවය තහවුරු වුවද තවත් කරුණු රාශියක් සලකා බැලිය යුතු බව ඇමතිනිය සඳහන් කර සිටියේ අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්ති මහතා විසින් විමසූ ප්‍රශ්නයකට අගමැතිවරයා වෙනුවෙන් පිළිතුරු දෙමිනි.
විමසූ ප්‍රශ්නයට වැඩිදුරටත් පිළිතුරු දුන් අමාත්‍යවරිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛත්වයෙන් සහ කොවිඩ්- 19 කාර්ය සාධන බලකායේ ද යුද හමුදාපතිවරයා ගේ නායකත්වයෙන් යුතු මෙහෙයුම් මධ්‍යස්ථානයේ ද සමායෝජනය සහිතව වසංගත තත්ත්වය පාලනය සඳහා සමස්ත ජනතාවගේ ම දායකත්වය ලබාගැනීමේ ලබා ගැනීමේ සියලු ක්‍රමෝපායන් ක්‍රියාත්මක කරනු ලබන බව සඳහන් කළාය.
විශේෂයෙන්ම,මේ වන විටද සියලු සියලු දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි අවදානම් ජන කොට්ඨාස වලට ප්‍රමුඛතාව ලබා දෙමින් රට පුරා අහඹු පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරෙන අතර සිදු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ ධාරිතාවය පහළොස් දාහක් දක්වා ඉහළ දැමීම, කොවිඩ් රෝගීන් සඳහා වෙන් වූ ඇඳන් 11800 කට අධික ප්‍රමාණයෙන් යුතු රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 71ක් මේ වන විට රට පුරා ස්ථාපිත කර තිබෙන අතර දැඩි සත්කාර ඇඳන් ප්‍රමාණය ද ක්‍රමානුකූලව වැඩි කරනු ඇති බවද මෙහිදී ඇමතිවරිය ප්‍රකාශ කළාය.
COMMENTS
ඔබතුමිය පැණිය කාලා ..., පැණිය දෙන්නේ නැද්ද?
මාධ්‍ය සංදර්ශන තියාගෙන මේකත් කරපු පැණියාට මොකද වුණේ?
ධම්මික පැණිය බිව්වට පස්සේ ටිකක් ලස්සන වෙලා නේද?
දැන් එතකොට පැණිය බීපු අයට එන්නත දෙනවද?
අනික් 80%ත් පනියි.
ඉතිරි සියයට 80ට පෙදරේරු පැණියද දෙන්නේ?
මේක අර කළිනුත් කිව්වා ... ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නොමිලේ දෙනවා කිව්ව 20% නැහැ.. ඉතිරි 80% පැණිබීලද සනීප වෙන්නේ? මෙයාලට මෙලෝ වැඩක් කරගන්න බැහැ.
අනිල් ජාසිංහ කැඳවනවා කීවට කෝ?
ඉතිරි 80%ට අතින් වියදම් කරගෙන ගහගනින් කියයි. මේකත් රට විරුවන් ලංකාවට ගෙන්වන ප්‍රෝඩාවට දෙවැනි වෙන එකක් නැහැ.
එන්නතකට වැයවන්නේ USD 2 ක් පමණ AstraZeneca ඒ මුදල වියදම් කර හෝ හැකි අයට මුදල් ගෙවා ලබාගන්න දෙන්න පුළුවන්කමක් රජයට නැද්ද? කෝටි ගණන් වටිනා වාහනවල යන්න රටේ තිබෙන මුදල් වැය කරන්න පුළුවන්...
පවිත්‍රා නෝනේ, මීළඟ ඡන්දෙදී මිනිස්සු බොහොම ලස්සනට පොහොට්ටුවන්ට මේවට උත්තර දෙනවා පමණක් නොව මෙලහට පත්වෙන රජයක් යටතේ සියලුම පොහොට්ටුවන්ට විරුද්ධව නඩු පවරනවා. චීනාට, ඉන්දියාවට විකුණපු සියලුම දේපළ වන්දි විරහිතව රජයට පවරා ගන්නවා. අනිවාර්යයෙන්ම මේක සිදුවෙනවා...
පැණි දෙවියා. මොකෝ මේ එන්නත් පස්සෙන් යන්නේ? ඇත්තටම බෙහෙත් වට්ටෝරුවේ වයිරස් ආසාදනයකට එරෙහිව සටන් කරන්න ශක්තියක් තියෙනවා. ඒත් මේ නාඩගම් කාරයින් ඒක කාලා දැම්මා.
මෙයා බීපු පැණියේ ප්‍රතිඵල එන්නේ ලබන සැප්තැම්බර් විතර...
ඉතුරු 80%ට දෙන්නේ උම්මා එකක්ද?
සජිත් හිටියා නම් හැමෝටම එන්නත දෙනවා.
ඔන්න මම 20% ගණන් හැදුවා. කියන්නේ ජනාධිපති, පාර්ලිමේන්තුවේ 225, පළාත් සභා, ප්‍රාදේශීය සභා, නගර සභා, ඔවුන්ගේ පවුල්වල උදවිය සහ හිතවත්තු... ආරක්ෂාවට එන්න පොලීසියේ 40000 සහ පවුල්වල අය... අනෙකුත් ආරක්ෂාවට එන්නේ ත්‍රිවිධ හමුදාවේ අය සහ පවුල්වල උදවිය.
මුට්ටි නැද්ද?