(සිතුම් චතුරංග)
වවුනියාව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ වෛද්‍යවරුන් පස්දෙනකු ඇතුළු කාර්ය මණ්ඩලය අද (27) සිට නිරෝධායනයට යොමුකළ බව වවුනියාව සෞඛ්‍ය අංශ කියයි.
වවුනියාව , උළුක්කුලම ජනඋදාගම්මානයේ කාන්තාවක කොවිඩ් 19 වයිරසය ආසාදනයවී මියයෑමත් සමඟ ඇය ප්‍රතිකාර ලැබූ රෝහලේ පිරිසක් මෙලෙස නිරෝධායනය කර තිබේ.
ශල්‍ය වෛද්‍යවරයකු ඇතුළු වෛද්‍යවරුන් පස්දෙනකු , හෙද කාර්ය මණ්ඩලය හා උපස්ථාන සෞඛ්‍ය සේවකයින් 18 දෙනකු ඇතුළු 23 දෙනකු එලෙස නිරෝධායනයට ලක්කොට ඇතැයිද සෞඛ්‍ය අංශ පැවසීය.
එමෙන්ම වෛරසය ආසාදිත කාන්තාව ජීවත්වූ උළුක්කුලම ජන උදාගම්මානයේ ගම්මානයේ කොටසක නැවත දැණුම් දෙනතෙක් හුදකලා කිරීමට පියවරගත් බවද වවුනියාව දකුණ ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.
කිසියම් රෝගී තත්වයක් හේතුවෙන් උළුක්කුලම ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක් පසුගිය 20 වැනිදා වවුනියාව රෝහල වෙත ඇතුලත් කොට ඇති අතර රෝගී තත්වය උත්සන්න වීම හේතුවෙන් ඇය වවුනියාව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත යොමුකොට තිබේ.
එම කාන්තාව ප්‍රතිකාර ලබන අවස්ථාවේ ඇයට උණ වැළදී ඇති අතර පසුව සිදුකළ පී.සී.ආර් පරීක්ෂාවකදී කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී ඇති බවට අනාවරණයවූ බව සෞඛ්‍ය අංශ පැවසීය.
2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
850
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
611
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වව්නියාව රෝහලේ වෛද්‍යවරු 5 ක් ඇතුළු කාර්යමණ්ඩලය නිරෝධායනයට