IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වවුනියාවේ බසාර් වීදිය හුදකලා කරයි

 (රොමේෂ් මධුෂංඛ)
 
වවුනියාව නගරයේ ප්‍රධාන මාර්ගයක් වූ  බසාර් වීදිය හුදකලා කිරීමට පියවර ගත් බව වවුනියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිස්ස ලාල්ද සිල්වා මහතා අද(08) පැවසුවේය.
 
බසාර් වීදියේ පිහිටි වෙළඳසැල්හි හිමිකරුවන් ඇතුලු සේවකයින් 55 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට අද තහවුරු වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබිණි.
 
පසුගිය 06 වැනිදා වවුනියාව නගරයේ බසාර් වීදිය, ධර්මලිංගම් වීධය සහ මාකට් වීදිය තාවකාලිකව වසා එම මාර්ගයන්හි පිහිටි වෙළඳසැල්හි හිමිකරුවන් සහ සේවකයින් 165 දෙනෙකු පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කර ඇත. එහි වාර්තා අද දින ලැබීමෙන් පසුව එම පිරිසෙන් 55 කට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
 
ඒ අනුව, පොලීසිය, යුද හමුදාව සහ සෞඛ්‍ය පරීක්ෂකවරු වහාම ක්‍රියාත්මක වී බසාර් වීදියේ සියලු වෙළඳසැල් වසා දැමීමට පියවර ගත්හ.
 
කොරෝනා ආසාදිත හිමිකරුවන්ගේ වෙළඳසැල් වෙතින් බඩු බාහිරාදිය ගැනීමට පැමිණි පාරිභෝගිකයින්ට දැඩි අවදානම් තත්වයක පවතින හෙයින් කිසියම් අසනීපයක් ඇත්නම් ළඟම පිහිටි පොලීසියට හෝ සෞඛ්‍ය පරික්ෂක කාර්යාල වෙතට දැනුම් දෙන ලෙසද පොලිසිය දැනුම්දුන්නේය.
 
කොවිඩ් ආසාදිත වෙළඳසැල් හිමිකරුවන් සහ සේවකයින් සමීපව ඇසුරු කරන ලද පුද්ගලයින් මේ වන විට හඳුනාගනිමින් නිරෝධායනය කර, ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණයන් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇතැයි වවුනියාව සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

වවුනියාවේ බසාර් වීදිය හුදකලා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site