(රොමේෂ් මධුෂංඛ)
කොරෝනා වෛරසය ආසාදිතයින් සැරිසැරීමක් හේතුවෙන් වව්නියාව නගරයේ පිහිටි ප්‍රධාන මාර්ග 3 ක් වසා එහි වෙළඳසැල්හි වෙළඳුන් සහ සේවකයින් හදීසි පී.සී.ආර්. පරික්ෂණයකට යොමු කර තිබේ.
වෙළඳසැල් දෙකක් අද (06) දින වසා දැමීමටද පියවර ගත් බවට වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර් යාලය පවසයි.
මේ අනුව වව්නියාව නගරයේ පිහිටි බසාර් වීදිය, ධර්මලිංගම් වීදිය, මාර්කට් වීදිය වසා දමා ඇත.
වව්නියාව පට්ටානිචූර් ප්‍රදේශයේ කොරෝණා ආසාදිත පිරිස් අදාල වෙළඳැසැල්හි සැරිසරා ඇති බවටත් ඊට අමතරව වෛරසය ආසාදිතයින් සමීපව ඇසුරු කරන ලද පුද්ගලයින් අදාල මාර්ග තුනේ පිහිටි වෙළඳසැල්හි සැරිසරන බවට තොරතුරු ලැබීමත් සමග සෞඛ්‍ය නිලධාරීන් , පොලීසිය හා යුදහමුදාව එක්ව මෙම පියවර ගනු ලැබීය.
වව්නියාව පට්ටානිචූර් ගම්මානයේ පසුගිය දින තුනක කාලය තුලදී කොරෝණා වෛරසය ආසාතියින් 7 දෙනෙකු එක වරම වාර් ථා වීමත් සමග ආසාදිතයින් වව්නියාව නගරයේ සැරිසරා තිබීමත් හේතුවෙන් සෞඛ්‍ය නිලධාරීන් සහ පොලීසිය සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් අනුගමනය කරමින් සිටියි.
එමෙන්ම පට්ටානිචූර් කොරෝණා ආසාදිතයින් ඇසුරු කරන ලද වෙළෙඳසැල්හි හිමිකරුවන් සහ සේවකයින් නිරෝධායනය කිරීමටද සෞඛ්‍ය නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.
2025 දෙසැම්බර් මස 30
129
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
754
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වව්නියාව නගරයේ ප්‍රධාන මාර්ග තුනක් වහයි