IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වවිනියාවේ ගමකට සංචරණ සීමා

(රොමේෂ් මධුෂංක)

                   

යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන වවුනියාවේ පදිංචි සිසුවෙකුට කොවීඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව වව්නියාව පට්ටානිචූර් ගම්මානයට සංචරණ සීමා පැනවීමට පියවර ගත් බවට වව්නියාව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

පට්ටානිචූර්එහි පදිංචි 24 හැවිරිදි අදාල සරසවි සිසුවා කිලිනොච්චියේ පිහිටි ඉංජිනේරු පීඨයට ගිය අවස්ථාවේදී සිදුකල පී.සී.ආර්. පරික්ෂණයකදී කොවීඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව ඔහුගේ පවුලේ සාමාජිකයින්ද නිරෝධායනයට ලක් කොට සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණයන්ගෙන් සිසුවාගේ 28 හැවිරිදි වැඩිමල් සහෝදරියටද කොවීඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

මේ හේතුවෙන් අදාල සිසුවා පදිංචි වව්නියාව පට්ටානිචූර් පළමු  වන පටුමග ඇතුලු දෙවන,තුන්වන, සව්වන ,පස්වන සහ හයවන පටුමග යන මාර්ගයන්ට සංචරණ සීමා පනවා ඇති අතරම අදාල ප්‍රදේශයන්හි වැසියන් සංචරනය කරන ලද පට්ටෙයිකාඩු, වේප්පම්කුලම් ප්‍රදේශයන්හි වැසියන් දහසකට අධික පිරිසක් ඔවුගේ නිවෙස්වලම නිරෝධායනය කිරීමට සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන ඇත.

මේ අතර අදාල සිසුවා සහ පවුලේ ඥාතීන් සමීපව ඇසුරු කරන ලද පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක්ද නිරෝධායනය කොට පී.සී.ආර්. පරික්ෂණයන් වෙතට යොමු කොට ඇති අතර කොවීඩ් වෛරසය ආසාදනය වූ අයුරු සෙවීමටද පරික්ෂණයක් අරඹා ඇති බවටද වව්නියාව සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩි දුරටත් පැවසීය.



අදහස් (0)

වවිනියාවේ ගමකට සංචරණ සීමා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 418 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site