
(රංජිත් කරුණාවීර)
දඹාන ආදිවාසී ගම්මානය සංචාරකයන් හා ජනතාව සදහා විවෘත නොකිරීමට තීරණය කළ බව ආදිවාසී නායක වනස්පතී වන්නිලාඇත්තෝ මාධ්‍ය හමුවක් කැදවමින් දඹාන ආදිවාසී ගම්මානයේදී ප්‍රකාශ කර සිටියේය.
රජය විසින් හෝ සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමකින් තොරව, ආදිවාසී ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සැලකිල්ලට ගනිමින්, ආදිවාසී කෞතුකාගාරය ඇතුලු ආදිවාසී ගම්මානය සංචාරකයන් සදහා විවෘත නොකිරීමට තීරණය කළ බව වන්නිලාඇත්තෝ ප්‍රකාශ කර සිටියේය.
රට තුල කොරෝනා රෝගින් ප්‍රමාණය ඉහළ යාමත් සමග, අඩු පහසකම් සහිත ආදිවාසී ජනතාවගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත්බවද වන්නිලැත්තෝ වැඩිදුරටත් පැවසීය.
COMMENTS
තමන්ගේ ජනතාව ගැන හිතන මොලේ තියෙන නායකයෙක්.
ඔබතුමා ඊලග ඡන්දෙට ස්වාධීනව ඡන්දය ඉල්ලුවොත් නරකද. ඔබතුමාට තියන කැක්කුම තව 5දෙනෙකුට තිබ්බනං......
අපිටත් වන්නියලාඇත්තො කෙනෙක් හිටියනම්.
වන්නිලාඇත්තන්ට තියෙන මොලේ අපේ පාලකයන්ටත් පහල වේවා.!
වන්නිලාඇත්තෝ සමාජයේ අපට වඩා බුද්ධිමත් ය. 20 A නිසා අපට කොරෝනා කෙරෙහි අවධානය යොමු කිරීමට නොහැකි විය. දැන් එය සාර්ථකව අවසන් වී ඇති අතර චීන එන්නත ලැබීමත් සමඟ වෛරසය සම්පූර්ණයෙන්ම තුරන් කළ හැකිය.
වැද්දෝ එහෙම කළාට අපේ සර්ලා එහෙම තීරණ ගන්නේ නැහැ.. අපි බය නැතිව නොමිනේෂන් දීලා, ඡන්දෙත් දිනලා, 20 දිනලා, හෙට අනිද්දා පළාත්සභා ඡන්දෙ තියලා ඒකත් දිනලා තමයි පස්ස බලන්නේ.. වැදි නායකට ඔහුගේ වැද්දන්ගේ ආරක්ෂාව ලොකු වුණාට අපිට එහෙම නැහැ.