(සුජිත් හේවාජුලිගේ )
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ වෛද්‍ය ශිෂ්‍යයාගේ ආශ්‍රිතයන් තැන් දෙකකින් හමුවී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය .
ඒ ආශ්‍රිතයන්ගෙන් ජෛව පටල සාම්පල ලබාගෙන ඇති බවත් සාම්පලවල කොරෝනා ඇතැයි තහවුරු වුවහොත් ඒවා ජාන විශ්ලේෂණය සඳහාද යොමු කරන බවත් හෙතෙම සඳහන් කළේය .
කෙසේ වෙතත් මෙම ශිෂ්‍යයා පසුගිය කාලයේදී අදාළ විශ්ව විද්‍යාලයට පැමිණ නැතැයි පැවසූ බටුවන්තුඩාව මහතා මේ තත්වය නිසා වයිරසය විශ්වවිද්‍යාලයට පැතිරීමේ අවදානමක් නැතැයිද ප්‍රකාශ කළේය .
මේ අතර සොයාගත් ඩෙල්ටා රෝගීන් අතර එක් නාවික හමුදා සාමාජිකයෙකු සිටින නමුත් නාවික හමුදාවේ තව රෝගීන් සිටීමට ඇති ඉඩකඩ අඩු යැයිද ඔහු පැවසුවේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින්ම ඔය ඩෙල්ටා ප්‍රභේදය රටට ආව ගමන් කිව්වේ පැතිරෙන්න අවස්ථාවක් නෑ... එම රෝගියා නිරෝධායන මධ්‍යස්ථානයක කියලානේ... ඒ වුණත් දැන් රට තුළ පැතිරිලා. ඔය කියන කතා ගැන විශ්වාසයක් නෑ. සියලු දෙනා නිසි සෞඛ්‍ය පුරුදු හරියාකාරව පිළිපදින්න...
මේ අයට ඕනෑ කොමිස් කපාගන්න. මොකද ගම්පහ පොකුර, අවුරුදු පොකුර, නුවර එළියේ පොකුර, දැන් හෙට අනිද්දාට නුවර පෙරහැර පොකුර, කතරගම පොකුර කියලා නම් දාගෙන පිස්සු කරන්න තමයි දැන් ඔය මාර්ග අරින්න යන්නේ... මම කියන්නේ බොරුද කියලා බලන්නකෝ...?