IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


වෛද්‍ය පාලිත අබේකෝන් ලෝක සෞඛ්‍ය සංවිධානයට

(හර්ෂණ තුෂාර සිල්වා)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු වන විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ‘කොවිඩ්-19’ වයිරසය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ නියෝජිතයකු ලෙස පත් කර ඇත.

ලොවපුරා පැතිර යන කොවිඩ්-19 වයිරසයට ගෝලීයව ප්‍රතිචාර දැක්වීමේ අරමුණින් ලොව විවිධ ප්‍රදේශ සම්බන්ධ කරගනිමින් උපායමාර්ගික උපදෙස් ලබාදීමත් ඉහළ පෙළේ දේශපාලනික සාකච්ඡා යනාදිය සඳහාත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් මහතා පසුගිය වසරේ දෙසැම්බර් 21 වැනිදා හයදෙනකුගෙන් සමන්විත විශේෂ නියෝජිතයන් පිරිසක් පත් කළේය. 

එම පිරිස අලුත් කරමින් ඊට විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ඇතුළත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් අදනොම් මහතා පියවර ගෙන ඇත. 

ඔහු මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් ද නිකුත් කර ඇත.

විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කාර්යාලයේ සෞඛ්‍ය පද්ධති සංවර්ධන අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කර ඇත. හෙතෙම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයකු ද වේ. 

විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ජිනීවා, සදර්න් කැලිෆෝනියා සහ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය පාසලෙන් පශ්චාත් උපාධි අධ්‍යාපනය සහ පුහුණුව ද ලබා ඇත.



අදහස් (9)

වෛද්‍ය පාලිත අබේකෝන් ලෝක සෞඛ්‍ය සංවිධානයට

චමින්ද ජයනාත් ජයසූරිය Friday, 08 January 2021 01:19 PM

හදවතින්ම සුබපැතුම් එක්කරමි ඔබතුමාට... !

:       0       13

Chaminda Friday, 08 January 2021 03:37 PM

අපට මොනතරම් ආඩම්බරයක්ද? හදවතින්ම සුබපතමි...

:       0       11

Titas Friday, 08 January 2021 03:54 PM

ඒවුණාට අපි අහන්නේ අපේ ගල් බොරළු විශේෂඥයින් කියන ඒවා තමයි. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන ඒවා අපි පිළිගන්නේ නැහැ. ඒකනේ අපි ආදාහනය කරන්නේ මළමිනී.

:       13       6

mp Saturday, 09 January 2021 02:29 AM

ආයිමත් පත් කරන්න දෙයක් නැහැ. දශක ගණනාවක් මේකෙම පැළපදියම් වෙලාම තමයි හිටියේ....

:       0       0

kamal Saturday, 09 January 2021 03:16 AM

බොහොමයක් උගතුන්ට පාවාදී තිබුණාට ලංකාවට කළ දෙයක් නම් නැත.

:       0       0

නෙවිල් ගුණසේකර Saturday, 09 January 2021 04:48 AM

එතුමන්ට සුබපැතුම්..! අපේ උගතුන් අපට අගේ නැහැ. ඒකනේ සේනා මර්ධනයටත් අපේ රටේ විශේෂඥ දැනුමැති උගතුන් සිටිද්දී පිටින් ගේන්නේ...

:       0       3

kalyani Saturday, 09 January 2021 05:27 AM

මේ උසස්වීම ගන්න මෙතුමා හදපු පැණිය මොකක්ද?

:       0       4

kalyani Saturday, 09 January 2021 08:30 AM

ලෝකෙට උපදෙස් දෙන කට්ටිය නම් අපේ අඩුවක් නැහැ. රටේ හැටියට වැඩ කරගන්න කෙනෙක් තමයි හොයාගන්න බැරි.

:       0       0

Kulatunga Sunday, 10 January 2021 04:25 AM

මෙයා කියන දේවත් අපේ වැඩ බැරි ටාසන් අහයිද දන්නේ නැහැ. නැත්තම් එය අහන්නේ පැණි කාරයින්ගේ, මුට්ටිකාරයන්ගේ කතානේ.. විශේෂඥ වෛද්‍යවරුන්ගේ කතා වැඩ බැරි ටාසන්ට පෙන්නන්න බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 42 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2003 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1557 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site