(මහේෂ් කිර්තිරත්න)
රත්තොට ප්‍රදේශයෙන් කොරොනා වයිරසය අසාදිත වු අයෙකු හදුනා ගැනීමත් සමග රත්තොට ප්‍රදේශයේ සංචාරකයින් පැමිනෙන ස්ථාන අද(25) දින සිට වසා දැමීමට පියවර ගන්නා බව රත්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාරසේන තෙන්නකොන් මහතා පැවසීය.
රත්තොට රිවස්ටන්, දන්දන්ක වැව ආශ්‍රිතව හා බඹරකිරිඇල්ල ආදි සංචාරකයින් වැඩි වශනේ පැමිණෙන ස්ථාන මෙසේ වසාදැමීමට පියවර ගන්නා බවත් සංචාරකයින් වැඩි පිරිසක් රත්තොට නගරය හරහා ගමන් කරන බවත් මේ පිළිබදව අවධානය යොමු කරමින් මෙම පියවර ගත් බව ද සභාපතිවරයා පැවසීය.
දිවයිනේ වෙනත් ප්‍රදේශවල සති අන්තයේ සහ මේ දිනවලදි විශාල පිරිසක් පැමිණෙන බවත් සියලු ජනතාවගේ ආරක්ෂාව පිළිබදව කටයුතු කර මෙම තීරණය ගත් බවත් මේ පිළිබදව සෞඛ්‍ය අංශ සහ පොලිසිය දැනුවත් කිරීමට පියවර ගන්නා බවද සභාපතිවරයා පැවසිය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.