(නිමන්ති රණසිංහ)
රත්නපුර ශික්ෂණ රෝහලට අනියුක්තව සේවය කළ ගිලන් රථ රියැදුරෙකු කොවිඩ් ආසාදිතව ඊයේ (22) මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ 57 හැවිරිදි බී. ඒ. අමරජීව නමැති නිවිතිගල ප්‍රදේශයේ පදිංචි ගිලන්රථ රියැදුරෙකි.
කොවිඩ් ආසාදිතව මියගිය පළමු ගිලන්රථ රියැදුරා ද වන්නේ අමරජීව මහතාය.
වසර 20කට අධික කාලයක් ගිලන් රථ රියැදුරෙකු ලෙසින් සේවය කර ඇති ඔහු කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඇතිවූ සංකූලතා හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඊයේ (22) මෙසේ මරණයට පත්වූ බව රත්නපුර රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd