(සුජිත් හේවාජුලිගේ)
වැවිලි බෝග වගා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාටද කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරුවී ඇත.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ඔහු කොවිඩ් ආසාදනය වූ 23වැනි මන්ත්‍රීවරයායි.
ඔහුගේ දියණියට මෙයට පෙර කොවිඩ් ආසාදනය වූවාය.
වක්කුඹුර මහතාට ශරීරයේ අපහසු තත්වයක් ඇතිවී පී.සී.ආර් පරීක්ෂණයක් ඊයේ (23) කළ අවස්ථාවේදී ඔහුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.
මේ සම්බන්ධයෙන් අප ජානක වක්කුඹුර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තමාට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බවය.
තමාගේ ශරීරයට කිසියම් අපහසු තත්වයක් පවතින හෙයින් රෝහල්ගතව ප්‍රතිකාර ලබාගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහරාජය කපපු එකේ සාපයද මේ...?