(දයාරත්න ඇඹෝගම)
රාජාංගණය,27 හන්දිය ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඇගලුම් කම්හලක සේවක,සේවිකාවන් 650 දෙනකු අතරින් හැට දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එම්.එස්.බි.රත්නායක මහතා පවසයි.
මෙම ඇගලුම් කම්හලේ සේවකයන් පහළොස් දෙනෙකුටම කොරෝනා රෝගය වැළදි ඇති බවට පසුගිය එකළොස් වැනි දින අනාවරණය විමත් සමග ඔවුන් සමග සේවය කළ සේවකයන්ද 650ක් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළේය.
ඒ අනුව මෙම ඇගලුම් කම්හලේ සේවකයන් හැත්තැපස් දෙදෙනකුට කොරෝනා රෝගය වැළදි තිබේ.
මොවුන්ගේ ආශ්‍රිතයන් තුන්සියකට ආසන්න පිරිසක් මේවන විට නිරෝධායනයට ලක්කොට ඇති බවද අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එම්.එස්.බි.රත්නායක මහතා මෙහිදි පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර ඔය ඇඟලුම් කම්හල ලොක්ඩවුන් කාලය තුළවත් වසා දමන්න කටයුතු කරන්න. සෞඛ්‍ය බලධාරීන්ට මේවා පෙනෙන්නේ නැද්ද? කොරෝනා වැඩි වුණාම ෆ්‍රෙඩී සිල්වා කියාවි ජනතාවගේ වැරැදි නිසා කොරෝනා වැඩිවුණා කියලා...
ඇඟලුම් කර්මාන්ත ශාලාවක කොරෝනා බෝවීමේ හැකියාව අනිකුත් සියලුම කර්මාන්ත වලට වඩා වැඩියි. ඒකට හේතුව දන්නේ එම කර්මාන්තවල ඉන්න අය සහ නිෂ්පාදන ඉංජිනේරුවන් පමණයි. දොස්තරලා සහ ෆ්‍රෙඩී සිල්වාලා මේක දන්නේ නෑ. දැනට තියෙන ලොකුම කොරෝනා ප්‍රභවය ඇඟලුම් කර්මාන්ත... විෂය දන්නා අය කාට කියලා කියන්නද...?