IMG-LOGO

2024 ජුලි මස 18 වන බ්‍රහස්පතින්දා


යුරෝපයේ වයස්ගතම තැනැත්තිය කොරෝනාවෙන් දිවි ගලවා ගනියි

යුරෝපයේ වයස්ගතම පුද්ලගයා ලෙස හැඳින්වෙන ප්‍රංශ ජාතික කන්‍යා සොයුරියක් ඇගේ 117 වන උපන්දිනයට දින කිහිපයකට පෙර කොරෝනා රෝගයෙන් දිවි ගලවාගෙන ඇතැයි වාර්තා වේ.

1904 වර්ෂයේ පෙබරවාරි 11 දින උපත ලැබූ ඇන්ඩ්‍රේ කන්‍යාසොයුරිය යුරොපයේ වයස්ගතම තැනැත්තිය ලෙස සැලකෙන අතර ලොව දෙවන වයස්ගතම තැනැත්තිය ද වේ. ඇගේ මුල් නම ලුසි රැන්ඩන් වන අතර 1944 වසරේදී ඇය ඇන්ඩ්‍රේ නමින් කන්‍යා සොයුරියක බවට පත්වූවාය.

පසුගිය ජනවාරි 16 දින ඇයට කොරෝනා වැළඳී ඇතැයි තහවුරු වූ නමුත් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වා නැත.

ප්‍රංශයේ දකුණු දිග ටූලෝන්හි පිහිටි සිය විශාමික නිවසේ වෙසෙන ඇය කොරෝනා ආසාදිත බව දැනගත් පසු අනිත් නේවාසිකයන්ගෙන් වෙන්ව හුදකලාව සිටියාය.

"මට රෝගය සෑදී ඇති බවක් දැනුනේවත් නැහැ. මම බය වුණේ නැහැ. මොකද මම මැරෙන්න බය වුණේ නැහැ. මම ඔබ සමග ඉන්න ආසයි. නමුත් මගේ වැඩිමල් සහෝදරයා, මගේ සීයා, ආච්චි සමග එක්වීමට වඩාත් කැමතියි." යනුවෙන් ප්‍රංශ ගුවන් විදුලිය අමතමින් ඇන්ඩ්‍රේ කන්‍යා සොයුරිය පැවසුවාය.

ඇන්ඩ්‍රේ සොයුරියගේ දෙඇස් නොපෙනෙන අතර ඇවිදිමේ අපහසුතාවය හේතුවෙන් රෝද පුටුවක් භාවිතා කරයි. වෛද්‍යවරුන් පවසන්නේ ඇන්ඩ්‍රේ මේ වනවිට කොරෝනා රෝගයෙන් සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බවයි. ඇය හෙට (11) දිනයේ සිය 117 වන උපන්දිනය සැමරීමට සූදානම්ව සිටින්නීය.

කෙසේ වුවද කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වෙනදාට වඩා කුඩා පිරිසක් සමග ඇයට උපන්දිනය සැමරීමට සිදුව තිබේ.

"ඇය ඉතා වාසනාවන්තයි." සෙන්ට් කැතරින් ලේබර් විශ්‍රාම නිවාසයේ ප්‍රකාශක ඩේවිඩ් ටවෙලා පැවසීය.

(බීබීසී ඇසුරිණි)

085



අදහස් (0)

යුරෝපයේ වයස්ගතම තැනැත්තිය කොරෝනාවෙන් දිවි ගලවා ගනියි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආර්ථික පනත විවාදය 25
2024 ජුලි මස 18 75 0

රාජ්‍ය මූල්‍ය කලමනාකරණ පනත් කෙටුම්පත සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ලබන 25 වැනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (18) තීරණය කළ


‘පුළුවන්නම් කංජිපානි ගේන්න‘
2024 ජුලි මස 18 1204 1

කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරියේ නියැතුව සිට දැනට ප්‍රංශයේ ජීවත් වන හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලකට හැකිනම් කංජිපානි ඉම්රාන් මෙරටට රැගෙන එන ලෙස ම


’’රාජ සභා මණ්ඩපය’’ කැඩූ හිටපු පුරපති‌‌ගේ දඬුවම ලිහිල් වෙයි
2024 ජුලි මස 18 545 0

දෙවන බුවනෙකබාහු රජු භාවිත කළ කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි ’’රාජ සභා මණ්ඩපය’’ ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇත


’’මාධ්‍ය ඉදිරියේ කටඋත්තර ගත් නිලධාරීන්ට දඬුවම් නෑ’’
2024 ජුලි මස 18 1885 4

ටැටූ හිමිකරුගෙන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කල නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව කිසිදු විනය හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නා බව මහජන ආ


අධ්‍යාපන හදන්න යුනෙස්කෝ සහය ගනී
2024 ජුලි මස 18 295 2

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කිරීමට නියමිත පුළුල් නවීකරණ වැඩසටහන සඳහා යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යාපන අංශයේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කරන බව ජනාධි


ක්ලබ් වසන්ත රට වටේටම ණය වෙලා
2024 ජුලි මස 18 3440 6

අතුරුගිරියේදී නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් මියගිය ක්ලබ් වසන්ත නමැත්තා මිය යන විට රට වටේටම ණය වූ අතේ සතේ නැති පුද්ගලයකු බවට දැනට අන


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 130 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 999 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1879 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site