(රොෂාන් දිලිප් කුමාර)
යුක්රේනයේ ස්කයි අප් ගුවන්සේවයට අයත් පීකිවු 555 දරණ ගුවන් යානයෙන් අද (08) පස්වරුවේ සංචාරකයින් 155 දෙනෙකු මත්තල ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණි බව ගුවන්තොටුපළ අධ්‍යක්ෂක ෂෙහාන් සුමනසේකර පැවසීය.
රජයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන, සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහනට සමගාමීව ඔවුහු පැමිණියහ. ඔවුන් මෙරටට පැමිනි 6වන යුක්රේන සංචාරක කණ්ඩායමයි.
පැමිණි පිරිස අදාල හෝටල් පරිශ්‍ර කරා රැගෙන යාමට නියමිතය.
මේ වන තෙක් පැමිණ ඇති සංචාරකයින්ගෙන් 146 දෙනෙක් එම ගුවන්යානයෙන්ම නැවත යුක්රේනයබලා පිටත් වූහ.
COMMENTS
යුක්රේනය අද සිට ලොක්ඩවුන්. ඒ රටේ එතරම්ම ආසාධිතයින් ඉන්නවා.
තත්වය බරපතලයි.. මම හිතුවේ සේන විතරයි කියලා. බලාගෙන ගියාම වගේ ඉන්න ඔක්කොම ඒ වගේ අය..
අද යුක්රේනය මුළුමනින්ම අගුලුදාළා. කොරෝනා පාලනය කරගන්න බැරි තරමට පැතිරෙනවා. අපි ඒ ගොල්ලෝ බලෙන් ගෙන්වා ගන්නවා. මාර වැඩක් ලංකාවට වුනේ.
අද යුක්රේනය වහනවා. ඔය මෙහාට අරගෙන එන ගෝත පරාණ වීසා ඉවරවුණු වහාම රටෙන් පන්නලා දාන්න. නැත්නම් යුක්රේනය නැවත විවෘත කරනකම් උන්ට අපේ අතින් කන්න දෙන්න වෙන්නේ. යුක්රේනය වහන බව දැන් සති 3 ක සිට දැනුවත් කරලා තියෙන්නේ. අනික යුක්රේනයට නැවත යන කට්ටිය හරහා මත්ද්‍රව්‍ය ඒ රටට යවන මාෆියවකුත් මැදමුලන හරහා ක්‍රියාත්මක වෙන බව කියනවා.
පොඩ්ඩක් නිශ්ශබ්දව ඉන්නවද? අල්ලපු හෙරොයින් ටික විකුණගන්න කන්... අපි මෙයාලව ගෙන්නාගත්තේ චග්ගුඩු ගහන්න නෙමෙයි කියලා දැන් දන්නවනේ..
මෙයාට පිස්සුද මන්දා? අපේ රටේ ජනාධිපති කියලා කෙනෙක් ඉන්නවා නේද? යුක්රේන් මුළු රටම ලොක්ඩවුන් කරලා. ඒකෙ ඉන්න අයව මෙහෙ ගෙන්න ගන්නේ මේ අයට ඔල්මාදේද?
ලොක් ඩවුන් කරපු, ලංකාවට වැඩිය දිළිඳු, සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් පිරුණු යුක්රේන් නියමු ව්‍යාපෘතියක් ලෙස සලකා සංචාරකයෝ ලංකාවට ගෙන එන්නත්, උදයංගට ඕනේ විදිහට නිරෝධායන නීතියක් හදන්න. නවන්න ඉඩදීලා නිහඬව ඉන්නේ ජනාධිපතිතුමා දුර්වල නිසාද?
යුක්රේන් ජාතිකයෝ මේ අරගෙන යන හෙරොයින් රුසියාවේ තරුණ පරපුර විනාශ කිරීමට යොදවන බව සහ ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මීට අනුබල සහ උදව් කිරීමට දැනටත් රුසියාවේ පොලීසියට වාර්තා වී ඇත. ළඟදීම මේ වෙනුවෙන් රුසියාවෙන් හොඳ කණේ පහරක් ශ්‍රී ලාංකිකයා දේශපාලනයට ලබාදෙන බව නොඅනුමානයි.
දුකයි අපිත් ෆේල්, රටත් ෆේල්. පාස් කට්ටියට සැප ඇති දැන්.