
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට වසා දැමීමට යුක්රේනය තීරණය කර ඇත.
ඒ අනුව නව ලොක්ඩවුන් සීමාවල මුල් අදියර යටතේ පාසල්, අවන්හල් සහ කායවර්ධන මධ්‍යස්ථාන වසා දැමීමට යුක්රේනය අද (8) පියවර ගත්තේ ය.
ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට යුක්රේනයෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වූ අතර මේ වනවිටත් එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වැඩි යැයි සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කළහ.
යුක්රේනයෙන් අද (8) වනවිට ලක්ෂ දහය ඉක්මවා වයිරස ආසාදිතයන් වාර්තා වූ අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 19,588ක් ලෙස දැක්විණි.
ජනවාරි මාසයේදී ලොක්ඩවුන් සීමා පනවන බව යුක්රේන ආණ්ඩුව ඉකුත් දෙසැම්බර් මාසයේදීම තීරණය කර තිබූ අතර එක් අවස්ථාවකදී යුක්රේනය වයිරසය පැතිර යන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබිණි. ඇතැම් දිනවලදී යුක්රේනයෙන් දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන 12,000ත් 14,000ත් අතර අගයක් ගත්තේ ය.
නව ලොක්ඩවුන් සීමා ලබන 24 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර විනෝද මධ්‍යස්ථාන හා උද්‍යාන ද වසා දැමේ. ඊට අමතරව විශාල පිරිසක් රැස්වෙන මහජන ඒකරාශී වීම් ද තහනම් කර ඇත.
ලොක්ඩවුන් සීමා ඉවත් කරන ලෙස හෝ ලිහිල් කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වුවද එසේ කළ නොහැකි යැයි ද සීමා කඩිනමින් අවශ්‍ය යැයි ද යුක්රේනයේ ජනාධිපති වොලෝදිමීර් සෙලෙන්ස්කි සහ සෞඛ්‍ය අමාත්‍ය මක්සිම් ස්ටෙපානොව් අවධාරණය කළේය. යුක්රේනයේ ජනගහනය ලක්ෂ 410කි.
‘‘නව සීමා හඳුන්වාදීමෙන් දෛනිකව විශාල ආසාදිතයන් පිරිසක් වාර්තා වීම අඩුවෙනවා. ඒ වගේම සාමාන්‍ය සෘතුමය උණ රෝගීන් අඩු වීමත් අඩු වෙනවා’’ යැයි යුක්රේන සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
‘‘ඒ වගේම රෝහල්වලට දැරීමට සිදුවන බරත් අඩු වෙනවා’’ යැයි ද හෙතෙම කීවේය.
පසුගිය වසරේ දී යුක්රේන ආර්ථිකය සියයට 5කින් පහළ වැටෙනු ඇතැයි ද ඉකුත් මාර්තු මාසයේ පැනවූ දැඩි ලොක්ඩවුන් සීමා සහ නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් ආර්ථික අවපාතයක් ඇති වනු ඇතැයි ද පැවසේ.
(රොයිටර්)
055
COMMENTS
ඉක්මනට පැනපල්ලා ලංකාවට...
දැන් ආව අයට ආපහු එන්න බැරිද? හොඳ වෙලාවට මෙහෙට පැනගත්තේ නේද? උදයංග මහත්තයාගේ යාලුවෝ ටිකක් වගේ ගෙන්නගෙන තියෙන්නේ.
ඒත් එහෙ මිනිස්සුන්ට බය වෙන්න ඕනෑ නැහැ. මෙහෙ උදයංග කියලා කෙනෙක් සර්ගේ ආශීර්වාදය ඇතුව, එහෙ ලෙඩ්ඩු ටික ලංකාවට ගේනවා.
අනේ එපා..!!!
මේ වගේ රටවලින් කණ්ඩායම් ගේන්න තරම් මෝඩයින් ඉන්න රටක් මේක.
දැන් නම් ඒ රට, මේ රට කියලා වැඩක් නැහැ.... කොයි රටත් එකයි. ඒ රටවල්වල ඉන්න මිනිස්සු අපේ රටට කියන්නෙත් ඔය ටිකම තමයි.
බයවෙන්න දෙයක් නැහැ. අපේ ධම්මික පැණිය ලංකාවට එන යුක්රේන් අයටත් පොවලා ඒ රටට පැණිය අපනයනය කරන්නත් අපේ උදයංග සර් පියවර ගනීවි.
ප්‍රශ්නයක් නෑ... විනෝද වෙන්න ඕනෑ නම් ලංකාවට එන්න...
දියවන්නාවෙ උන්ගේ මොලේ වර්චස්වෙලා සමහර විට ළඟදීම පිස්සු හැදෙයි වගේ...
කෝවිඩ් 19 වසංගතය ආසාදනය වුණු රටවල් අතර යුක්රේනය.. ආර්ථිකය අතින් අපිට වඩා පහළ... මෙවැනි තත්වයක ඇති රටක සංචාරකයන් ලංකාවට ගෙන්වීමේ පටු අරමුණ කුමක්ද? රාජපක්ෂ පවුලේ පෝෂණය නේද? 69 ලක්ෂයක ජනතාව මේ මිනිස්සුන්ගේ පෙර වැරැදි අමතක වෙලාද ඡන්දෙ දුන්නේ? අද සියලු ලෙසින් අසාර්ථක වෙලා...
යුක්‍රේනයේ අසාදිතයන් මිලියන 1ක් ඉන්නවා නම්, මැරිච්ච ගාන 20000කට කිට්ටු වෙලානම් ඒ රටට උදව්වක් හැටියට උදයංගට කියලා මෙහෙට පුලුවන් තරමක් අය ගෙන්න ගන්න උදවු කරමු. අපේ රටේ ලෙඩ්ඩු නැති නිසා මේ වැඩේ ලොකු පිනක්. උදයංගගේ මහන්සිය වෙනුවෙන් පොඩි කොමිස් එකකුත් ගන්න කියමු..
යුක්රේනය ලොක්ඩවුන් කරනවා මෙහෙ අය වයිරසයත් එක්කම එහෙ ඉන්න අය මෙහෙට ගෙනැල්ලා මෙහෙ ඉන්න මිනිස්සුත් අමාරුවේ දානවා. දැන් කෝ ඔය ගෙන්නපු කෙනා... ලැජ්ජයි. සල්ලි හම්බවෙනවයි කිව්වොත් ඕන වැඩක් කරන අය තමයි ලංකාවේ ඉන්නේ..