
( සිසිර ලලිත් කුමාර )
කොරෝනා වෛරයේ ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන කොත්මලේ මහවැලි මහසෑය වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන බැතිමතුන් ගේ පැමිණීම තාවකාලිකව නවතා දැමීමට පියවර ගත් බව කොත්මලේ මහවැලි මහසෑයේ විහාරාධිකාරි බෝපත්තලාවේ පේමානන්ද හිමියෝ පැවසූහ.
කොත්මලේ හරංගල ප්‍රදේශයේ කොරෝනා ආසාදිත පුද්ගලයෙකු හමුවීමත් ඔහුගේ ආශ්‍රිතයන් මහ සෑය අවටින් වාර්තා වීම සැලකිල්ලට ගෙන මෙම තීරණ ය ගත් බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය .
මීට දින කිහිපයකට මත්තෙන් කොළඹ වරායේ සේවය කරමින් සිටි පුද්ගලයෙකු කොරෝනා වෛරසය ආසාදිත වී කොත්මලේ හරංගල ට පැමිණ ඇත. පුද්ගලයා ගම්පොළ මාවෙල බස් රථයක නැගී කොත්මලේ ජලාශ වේල්ල අභියස ධාවනයේ යෙදෙන ත්‍රිරෝද රථයක නැගී සිය නිවසට ගොස් ඇත .
එම රියැදුරු මහවැලි පිහිටි කඩදොර ගම්මානයේ පදිංචි පුද්ගලයෙකි. ඒ හේතුවෙන් එම ත්‍රිරෝද රථ රියැදුරා නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත .
මහවැලි මහසෑය නැරඹීමට හා වන්දනාමාන කිරීමට දෛනිකව පුද්ගලයන් පැමිණීම හා ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සැළකිල්ලට ගෙන මහවැලි මහසෑය වන්දනාමාන කිරීම තාවකාලිකව අත් හිටුවීමට මෙලෙස පියවර ගෙන ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.