(චමිල් රූපසිංහ)
 
මහනුවර මහයියාව ප්‍රදේශයේ එක්  ප්‍රදේශයකට පමණක් සංචරණ සීමා පනවා තිබූ මහයියාව ප්‍රදේශයේ ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් එකවර හමුවීමත් සමඟ එහි අනෙක් ප්‍රදේශත් ආවරණය වන පරිදි සංචරණ සීමා පැනවූ බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පවසයි.
 
කොවිඩ් ආසාදිතයින් 28 දෙනෙකු ඊයේ (08) හමුවීමත් සමඟ මහනුවර මහයියාව ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව ද අමිල නවරත්න මහතා පැවසිය.
 
මෙම තිරණය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ,මහනුවර නගරාධිපති කේසර සේනානායක යන මහත්වරු හා සෞඛ්‍ය අංශ බලධාරීන් සමඟ කළ සාකච්ඡාවකින් ගත් තිරණයක් බවද ඒ මහතා සදහන් කළේය.
 
මහයියාව හා බෝගම්බර මහනුවර නගර සීමාවේ වැඩි ජනගනත්වයක් පවතින ප්‍රදේශ දෙකටම මේවන විට සංචරණ සීමා පනවා තිබෙන අතර ආසාදිතයින් බහුලව හමුවූ එම ප්‍රදේශ වල ජනතාව සෙසු අය සමඟ සම්බන්ද වීම වැලැක්වීමට මෙම පියවර ගත් සදහන් කළේය‍