IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මහාධිකරණ කටයුතු හෙට ඇරැඹෙයි

 


(මනෝප්‍රිය ගුණසේකර)

වර්ෂඅවසාන නිවාඩුවෙන් පසු මහාධිකරණ වල කටයුතු හෙට (06) සිට යළි ආරම්භ කෙරේ.

අධිකරණ කටයුතු ආරම්භ වුවත් සෞඛ්‍ය උපදේශයන් අනුව දැඩි සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් අධිකරණ කටයුතු පවත්වාගෙන යෑමට සියළු පාර්ශවයන්ට මේ වන විටත් උපදෙස් ලබාදී ඇතැයි අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.

නඩු කටයුතු සඳහා අත්‍යවශ්‍ය පුද්ගලයින් හා නිලධාරීන් පමණක් සහභාගි කරවා ගැනීමට මෙන්ම අත්‍යවශ්‍ය අවස්ථාවලදී නීතීඥවරුන් සහභාගි කරවා ගැනීම කෙරෙහිද අවධානය යොමු කොට ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර දැනට පවතින කොරෝනා වසංගත තත්වය අවම වී සුපුරුදු පරිදි අධිකරණ කටයුතු පවත්වාගෙන යා හැකි බවට සෞඛ්‍ය අංශ නිර්දේශ ලබාදෙනතුරු මේ වන විට අධිකරණ කටයුතු සිදුකරනා අයුරින් හැකි සෑම අවස්ථාවකදීම විද්‍යුත් තාක්‍ෂණය ඔස්සේ සැකකරුවන් නිරීක්‍ෂණය කරමින් හා නිලධාරීන් සම්බන්ධ කරගනිමින් අධිකරණ කටයුතු පවත්වාගෙන යෑමට කොළඔ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සහ මහාධිකරණ විනිසුරුවරුන්ගේ සහභාගීත්වයෙන් නීතීඥවරුන්ගේ සංගමය සමඟ පැවැති සාකච්ඡාවකදී එකඟත්වය පළ කොට ඇතැයි නීතීඥ සංගමය සඳහන් කරයි.
 



අදහස් (0)

මහාධිකරණ කටයුතු හෙට ඇරැඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 295 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site