
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මුහුණු පොත හරහා ප්‍රතිචාර දක්වමින් මිතුරු වන තරුණියන් ඉතා සූක්ෂම ලෙස ගණිකා වෘත්තිය සඳහා යොදවා ගන්නා සුරූපි කතුන් තිදෙනෙකු අද (10) දා අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලීසිය පවසයි.
පිළියන්දල මොරටුව පාර, හොරණ පාර සහ කැස්බෑව විකල්ප මාර්ගයේ ස්ථාන තුනකදී ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර තිබුණි.
කාන්තාවන් මිලදී ගන්නා මුවාවෙන් එම ස්ථාන වලට උපායදූතයින් ලෙස පොලිස් නිලධාරීන් යොදවා , මුදල් ගෙවා කාන්තාවන් මිලදී ගැනීමෙන් පසුව, ලබාදුන් දුරකථන ඇමතුමකට අනුව එකම අවස්ථාවකදී එම ස්ථාන වටලා ගණිකා වෘත්තිය සඳහා රැඳී සිටි කාන්තාවන් තිදෙනා මෙසේ අත්අඩංගුවට ගෙන තිබූ බව පොලීසිය පවසයි.
ඉංගිරිය සහ මාතලේ ප්‍රදේශවල පදිංචි කාන්තාවන් දෙදෙනෙකු සහ පරිවාස භාරයේ හැදී වැඩී පසුව ගිවිසගත් විවාහයද හැර ආ දෙදරු කාන්තාවක් ද සිටි බව පොලිසිය කියයි.
මොවුන් වයස අවුරුදු 24 ,43 සහ 28 වයසේ පසුවන්නන් බව ද පැවසේ. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අය තමන්ගේ අය වුනත් ඔය විදියට විකුනන්න බැරිකමක් නැහැ.
රටට විනයක් වන මේ "මුහුණු පොත" ලංකාවේ තහනම් කළ යුතුයි.
පොලිසියට වැඩ අඩුවෙලා දැනට සතිදෙකකට පමණ පෙර කොල්ලුපිටිය "ජෙනී මැඩම්" නිදොස්කොට නිදහස්කළා...