
(කීර්ති ප්‍රනාන්දු)
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් කීපයකින් කොරෝනා ආසාදිතය සිසු සිසුවියන් 10 දෙනකු අද උදෑසන වාර්තා වූ බව මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වජිර රණරාජා මහතා පවසයි.
මේ හේතුවෙන් සිසු සිසුවියන 78 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කළ බව ද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කියයි.
මීට අමතරව දරු දැරියන්ගේ මවුපියන් 14 දෙනකු ද කොරෝනා ආසාදනය වී ඇති බවට හදුනාගෙන ඇතැයි ද සෞඛ්‍ය අංශ කියයි.
මිනුවන්ගොඩ පාසල් 15කින් මෙම පිරිස වාර්තාවී ඇති අතර එක් පාසලක ගුරුවරයකුට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.
ආසාදිත හා නිරෝධායනයට ලක් කර ඇති පාන්ති සීමා කිරීමට කටයුතු යොදා ඇතැයි ද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd