
(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම මාළු වෙළඳපොළ වෙළෙන්දන් 8 දෙනෙකු ඇතුළු 17 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමත් සමඟ මාලු වෙළඳපොළ තාවකාලිකව අද (10) වසා දැමීමට පියවර ගෙන ඇතැයි මන්නාරම සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
මන්නාරම මාලු වෙළඳ පොළේ සිටි වෙළෙන්දෙක් පසුගියදා දුම්රිය අනතුරකින් මිය යාමෙන් පසුව සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණයකදී එම වෙළෙන්ඳාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ මන්නාරම මාලු වෙළඳපොළේ සිටි සියලුම පුද්ගලයින් පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කෙරිණි.
එහිදී මාළු වෙළඳපොලේ වෙළෙන්ඳන් 8 දෙනෙකුට ද පිටස්තර ප්‍රදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 9 දෙනෙකුට ද කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ඊයේ සහ අද (10 ) දිනයන්හි මන්නාරම මාළු වෙළඳසැළ තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.
මාලු වෙළඳපොළේ වෙළන්දන් ඇසුරු කරන ලද පුද්ගලයින් හඳුනාගෙන නිරෝධායනය සඳහා යොමු කරමින් සිටින අතරම මන්නාරම වෙළඳපොළද විෂබීජහරණය කිරීමෙන් පසුව ආරක්ෂාව තහවුරු කර නැවත විවෘත කිරීමට පියවර ගන්නා බවටද මන්නාරම සෞඛ්‍ය පරික්ෂක කාර් යාලය වැඩිදුරටත් පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.