IMG-LOGO

2024 සැප්තැම්බර් මස 10 වන අඟහරුවාදා


මන්නාරමේ එරුක්කලම්පිඩ්ඩි ගම්මානයට සංචරණ සීමා

(රොමේෂ් මධුෂංඛ)

මන්නාරම එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ එකම පවුලේ 5දෙනෙකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් ගම්මානයට සංචරණ සීමා පනවා ඇති බවට මන්නාරම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතා පවසා සිටියේය.
 
එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචි වයිරසය ආසාදිත පුද්ගලයින් ඇසුරු කරන ලද පුද්ගලයින් 172 දෙනෙකු නිරෝධායනය කර ඇති අතරම පුද්ගලයින් 300 කට ආසන්න පිරිසක් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවට සහ පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කොට ඇති බවටද ජ්‍යේෂඨ පොලිස් අධිකාරීවරයා පවසා සිටීය.
 
පුත්තලමේ සිට පැමිණි අයෙකුට පළමුව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර පසුව ඔහුගේ පවුලේ සිටි සෙසු 4 දෙනාටද වයිරසය ආසාදනය වී ඇත.
 
කෙසේ වෙතත් එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් ඇසුරු කරන ලද පුද්ගලයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ තහවුරු වන තුරු පමණක් සංචරණ සීමා පැනවීමට අවශ්‍ය බවට පොලීසියට දැනුම් දුන් බවටත් පළමු කොරෝනා ආසාදිතයා විවාහ මංගල්ලයකට සහභාගී වී ඇති බවට දැනට තොරතුරු ලැබී ඇති බවටද මන්නාරම් දිස්ත්‍රීක් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ආර්. විනෝදන් මහතා පවසා සිටියේය.
 
මේ වන විට මන්නාරම එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයට පොලීසිය හා යුදහමුදාවෙන් ආරක්ෂාව සපයා සංචාරණ සීමා පනවා ඇති අතරම ගම්වැසියන් නිවාසවලට වී නිරෝධායනය කරවීමට පියවර ගෙන ඇති බවටද මන්නාරම සෞඛ්‍ය සේවා කාර්යාලය වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

මන්නාරමේ එරුක්කලම්පිඩ්ඩි ගම්මානයට සංචරණ සීමා

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1176 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2788 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 950 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 734 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 943 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 821 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1893 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 887 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 694 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site