
(නයනජිව බන්ඩාර)
දිවුලපිටිය කෝවිඩ් 19 රෝගියාගේ ආශ්‍රිතයෙකු ලෙස මොණරාගලදි හඳුනාගත් කාන්තාවටද කෝවිඩ් 19 වැළඳී ඇතැයි ඒ සම්බන්ධයෙන් කළ පී.සී.ආර් පරීක්ෂණයේදි තහවුරු වු බව මොණරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වි.එන්.සි දසනායක මහතා පවසයි
මැදගම බකින්ගහවෙල, පුබ්බාර දේවාලගොඩ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි මෙම කාන්තාව, දිවුලපිටිය ආසාදිත කාන්තාව සේවය කළ ඇඟලුම් කම්හලේ සේවය කර තිබෙන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන තිබේ.
ඉකුත් 02 දා නිවාඩු ලබා මොණරාගල නගරයට පැමිණ ඇති මෙම කාන්තාව එදින උදෑසන 8.00 සිට 10.15 පමණ තෙක් මොණරාගල කචිචේරිය හංදිය, ඉරිදා පොළ, බස් නැවතුම්පොළ හා රාජ්‍ය බැංකුවක ගැවසී ඇතිබව ද විමර්ශනයකදි අනාවරනය කරගෙන ඇත.
මෙම කාන්තාව උගුරේ අමාරුව, කැස්ස හා හිසරදය වැනි කොරෝනා වයිරසය ආසාදනය වීමේ ලක්ෂණ මතුවීමෙන් පසු ප්‍රතිකාර ලබාගැනෙීමට මොණරාගල මහ රෝහලට ඇතුලත් වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd