(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
අඹන්පොල ප්‍රදේශයේ පසුගිය ජනවාරි 21 දින පැවති මංගල සාදයකින් පසු මනාලයා හා මනාලිය ඇතුළු 136 කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙම මංගල උත්සවය දැතව ප්‍රදේශයේ මංගල උත්සව ශාලාවක පවත්වා ඇති බවත් මනාලිය අඹන්පොළ උඩංගාව ප්‍රදේශයේ පදිංචිකාරියක බවත් මනාලයා මිනුවන්ගොඩ පදිංචිකරුවකු බවද සෞඛ්‍ය අංශ අනාවර්ණය කරගෙන තිබේ.මංගල උත්සවයේ දෙවන දිනය මිනුවන්ගොඩ ප්‍රදේශයේ පවත්වා ඇති බවත් මෙම මංගල උත්සව අවස්ථා දෙකටම 260 කට ආසන්න පිරිසක් එක්වී ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි.
මෙම මංගල උත්සවයට සහභාගි වු පිරිසගෙන් විවිධ අසනීප වාර්තා වීමත් සමග පළමුව 10දෙනෙකු සම්බන්ධ කර ගනිමින් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවක් කර ඇති බවද, එම 10දෙනාම ආසාදිතයන් බවට තහවුරු වී තිබේ.මංගල උත්සවයට සහභාගි වු අඹන්පොල හා මිනුවන්ගොඩ පිරිස පීසීආර් පරීක්ෂණ සදහා යොමු කිරීමෙන් පසුව මෙම මංගල උත්සවයට සහභාගි වු 260 පිරිසෙන් මනාලයා හා මනාලිය ඇතුළු 136 දෙනෙකු කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
අඹන්පොල, බොරවැව , දිගන, කොහල්ල, ඇතුළු ප්‍රදේශ වලින් මෙම මංගල උත්සවයට සහභාගි වු 40 දෙනෙකු ආසාදිතයින් බව ද සෞඛ්‍ය අංශ කියයි. මිනුවන්ගොඩ මනාලයාගේ පාර්ශවයේ 96 දෙනෙකු කොවිඩ් ආසාදනය වී තිබේ.
කෙසේ නමුත් මෙම කොරෝනා වයිරසය සීඝ්‍රයෙන් පැතිරි යන නව ප්‍රබේදයදැයි සෞඛ්‍ය අංශ සැක පළ කරමින් පවති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගන්න තිබ්බා මේක මුස්ලිම් මගුලක් නම්..!!!
දැන් ඔය මිනිස්සුන්ට ක්‍රියාත්මක වෙන නීතිය පාටි දාපු පාදෙණියලාට නම් ක්‍රියාත්මක වෙන්නේ නෑ...
මඟුල් කල් දා ගන්න හෝ නැත්නම් අත්‍යාවශ්‍යම 10-20 ක් පමණක් සහිතව පවත්වන්න. එහෙම නැත්තන් හඳපානේ පැනල යන්න, ලෙඩ බෝ කිරීමට වඩා එය වඩාත් හොඳයි...