
(ජේ.කේ.එල් චාමින්ද)
බුස්ස බන්ධනාගාරයේ රැදවියන් තිදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.
බුස්ස බන්ධනාගාරය මගින් කරණු ලැබු අහඹු පී. සී.ආර් පරික්ෂණයේ දි මේ බව තහවුරුවි ඇතැයි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි. මෙකි පී.සී.ආර් පරීක්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ජෛව රසායනාගාරයේ දි සිදුකර ඇත.
අම්බලන්ගොඩ හා රත්ගම ප්‍රදේශවල දෙදෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා අප කළ විමසුමකදි පැවසිය.
බුස්ස බන්ධනාගාරයේ කොරෝනා වෛරසය ආසාදනය වි ඇති රැදවියන් තිදෙනාගෙන් දෙදෙනෙක් හිනිදුම පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. ඉන් එක් අයෙක් ගංජා ළග තබා ගැනීම හා අනික් පුද්ගලයා එළුවකු සොරතම් කිරිම සම්බන්ධයෙන් හින්දුම පොලිසිය මගින් පසුගිය 01 වැනිද සහ 03 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් උඩුගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
මෙම රිමාන්ඩ් සිරකරුවන් දෙදෙනා නිරෝධායනය සදහා බුස්ස බන්ධනාගාරයට යොමු කොට ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.