(සුමතිපාල දීයගහගේ )

ගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ තවත්  රැදවියන් 10 කට කොරෝනා  වෛරසය ආසාදනය වි ඇති බව අද (3) තහවුරුවි ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසි.

මෙම බන්ධනාගාරයේ රැදවියන් 42 ක් සදහා කරන ලද පිසි.ආර් පරික්ෂණවලදි ඔවුන්ගෙන් 10 කට මෙසේ කොරෝනා වෛරසය ආසාදනයවි ඇති බව තහවුරුවි  තිබේ.

මෙම ආසාදිතයින් 10 සමග දකුණු පළාතේ පිහිටි බන්ධනාගාර හතේ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,693 දක්වා ඉහළ ගොස් ඇතැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය වැඩි දුරටත් සදහන් කළේය.