(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
බූස්ස අධිආරක්ෂක බන්ධනාගාරයේ රඳවා සිටින සාමාන්‍ය රැඳවියන් 33 කොරෝනා ආසාදනය වී ඇතැයි බන්ධනාගාර අධිකාරී කාර්යාලය පවසයි.
මෙම බන්ධනාගාරයේ සාමාන්‍ය රැඳවියන් තිස් පස් දෙනෙක් සඳහා ඉකුත් 8 වැනිදා සිදු කළ පිරිසට පරීක්ෂණවල ප්‍රතිඵල අනුව මෙම පිරිස කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී තිබේ.
ඒ අනුව මේ වන විට බූස්ස බූස බන්ධනාගාරයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයන් ගණන 555 ක් වෙති. මීට අමතරව ගාල්ල බන්ධනාගාරයෙන්ද කොරෝනා එක් ආසාදිතයෙක් මෙදින සොයා ගෙන තිබේ.
මොවුන් සියලුම දෙනා ප්‍රතිකාර සඳහා අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ පිහිටුවා තිබෙන කෝවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd