
බස්නාහිර පළාතෙන් බැහැර සෙසු දිස්ත්‍රික්කවලින් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම අඩු මට්ටමක පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ඒ මහතා අද (13) මේ බව පැවසීය.
සැලකිය යුතු ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන්නේ, බස්නාහිර පළාතෙන්, විශේෂයෙන් කොළඹ මහනගර සභා ප්‍රදේශයෙන් බවද වෛද්‍යවරයා සඳහන් කළේය.
ඊයේ(12) දිනයේදී වාර්තා වු ආසාදිතයන් 396දෙනාගෙන් 296දෙනෙකු බස්නාහිර පළාතෙන් බවද, එයින් 232දෙනෙකු කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ බවද ඒ මහතා පැවසීය.
බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකටම තවදුරටත් සීමා පැනවීම සහ පීසීආර් පරීක්ෂණ හේතුවෙන් එම පළාතෙන් වාර්තා වන ආසාදිතයන් ගණන අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බවද වෛද්‍යවරයා සඳහන් කළේය.
16844
COMMENTS
අනේ මනුස්සයෝ සති දෙක, තුනකට කළින් අඩුයි කිව්වා... අන්තිමට 10000ත් පැනලා නැවතුණේ.
සතුටුයි නේද? සමාජගතවෙලා නෑනේ.
ඔබ පරීක්ෂා නොකළහොත් ආසාදනයක් නැත. සරල ක්‍රමවේදය එයයි.
මයික් පේලිය ඉස්සරහ වාඩිවුණාම මට මොනවා කියවෙයිද මන්දා? සමාජගත වෙලා නෑ... හොඳේ!!
මොනවද මෙයා කියන්නේ...? බස්නාහිරින් පට්ට ලෙඩ්ඩු ඉන්නේ.. මෙයා කරන්නෙම රඟපෑමක්...
ඔන්න බොරු කියනවා. කුරුවිට බෝගම්බර ඌරගස්මංහංදිය, කොහේද තියෙන්නේ...?