(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ සහකාර වෛද්‍ය නිලධාරිවරයා කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තඹර කළුබෝවිල මහතා පවසයි.
පවතින කොවිඩ් තත්වයක් සමග බේරුවල සෞඛ්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ කොරෝනා රෝගීන් ගේ වර්ධනයක් පෙන්නුම් කිරීමත් සමඟ මේ වන විට රාජකාරි කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ දෛනික රාජකාරි සඳහා සහයක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීව වරයකු ලෙස මෙම වෛද්‍යවරයා පත්කර දින හතරක වැනි කාලයකදී කොරෝනා ආසාදිත වී ඇතැයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරයි . මෙම වෛද්‍යවරයාගේ ආශ්‍රිතයන් ද ප්‍රතිදේහ පරීක්ෂණයකින් අනතුරුව පරීක්ෂාවට ලක් කිරීමට නියමිතය .
COMMENTS
කොරෝනා පාලනයට මහජන සෞඛ්‍ය වැඩසටහන් වලට අතිරේකව පාලනමය උපාය තීන්දු හරියට වේලාවට ක්‍රියාවට නගන්නේ නැති බවක් පේන්නේ. මේ නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලත් ලොකු අවදානමක.