(සමන් පාලිත නානායක්කාර)
බණ්ඩාරවෙල ළමා නිවාසයක අවුරුදු පහට අඩු කුඩා දරුවන් 27 දෙනකු ඇතුළු 32 කට කෝවිඩ් 19 ආසාදිත වී ඇති බව අද (07) දින තහවුරු විණැයි බණ්ඩාරවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී. එම්. ඒ. ආර්. දිසානායක මහතා පැවසීය.
මෙම ළමා නිවාසයේ දූ දරුවන් රැකබලා ගැනීමට සිටින නිවාස මාතාවන් ඇතුළු කාර්ය මණ්ඩලය සහ දූ දරුවන් 52 ක් සම්බන්ධයෙන් කළ ඇන්ටිජන් පරීක්ෂාවකින් මෙසේ තිස් දෙදෙනෙකු කෝවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරු වී තිබේ.
ආසාදිත 32 දෙදෙනා ළමා නිවාසයේම වෛද්‍ය අධීක්ෂණ හා උපදෙස් යටතේ ස්වයං නිරෝධායනය ලක් කර තිබේ.
මෙම ළමා නිවාසය පරිවාස භාරයේ සිටින අවුරුදු පහට අඩු දරුවන් සිටින බැවින් විශේෂ අවධානය යොමු කළ යුතු ස්ථානයක් බවට හඳුනාගෙන ඇති බවද බණ්ඩාරවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී. එම් ඒ ආර් දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බණ්ඩාරවෙල ළමා නිවාසයක දරුවන් 27 කට කොරෝනා