(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ග්‍රාම නිලධාරිනිය කගේ සමීපතමයෙකු ට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ග්‍රාම නිළධාරිනිය සැරිසැරූ බව කියන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අංශ කීපයක් තාවකාලිකව වසා දැමීමට අද (16) පියවර ගත් බව ප්‍රාදේශීය ලේකම් බුද්ධිකා රුවනි සමරතුංග මහත්මිය පැවැසුවාය
ඒ අනුව සමාජ සේවා අංශය, මෙහෙයුම් මැදිරිය, හැඳුනුම්පත් අංශය ,මෙන්ම පරිපාලන ග්‍රාම නිලධාරී කාර්යාලය ද තාවකාලිකව වසා දැමිණි
ග්‍රාම නිලධාරිනියගේ නැන්දණිය ඉකුත් දින කීපය තුළ ඇයගේ නිවසේ ගත කර ඇති අතර හදිසියේ අසනීපව ඇය රෝහල් ගත කිරීමෙන් අනතුරුව සිදුකළ පි සි ආර් පරීක්ෂණයේදී ඇයට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට පෙරේදා 14 අනාවරණය වී තිබූ බව ප්‍රාදේශීය ලේකම්වරිය කීය .
එම ග්‍රාම නිලධාරිනිය ඉකුත් 13 වැනිදා ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත පැමිණ ඉහත අංශ වෙත ගොස් තිබූ බවටත් අනාවරණය වීමෙන් තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව ප්‍රාදේශීය ලේකම්වරිය පැවසුවාය .
තාවකාලිකව වසා තිබෙන එම අංශ සියල්ලම අද විෂබීජ හරණයට ලක් කළ බවත් හෙට දින සිට වෙනත් නිලධාරීන් යොදවා සුපුරුදු මහජන සේවාවන් පවත්වාගෙන යාමට පියවර ගන්නා බව ප්‍රාදේශීය ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවාය
එම ග්‍රාම නිලධාරිනිය ද ඉකුත් දින කීපය තුළ රෝගී තත්ත්වයකින් පෙළුන බවට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි .
මේ හේතුවෙන් ඇය පි සි ආර් පරීක්ෂණයට භාජනය කරන තෙක් ඇය ආ ගිය බව කියන තාවකාලිකව වසා දැමුණු එම අංශවල සේවය කරන නිලධාරීන් හා නිලධාරිනියන් ට නිවෙස්වල ස්වයං නිරෝධායනයේ යෙදෙන ලෙස දැනුම් දී ඇත .ඒ අතර ග්‍රාම නිළධාරිනියන් කීපදෙනෙක් ද වන බව වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරයි
2025 දෙසැම්බර් මස 18
436
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බණ්ඩාරගම ප්‍රා. ලේ. කාර්යාලයේ අංශ කීපයක් තාවකාලිකව වහයි