IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බගවන්තලාවෙන් අසාදිතයින් 39 ක්

(රංජිත් රාජපක්ෂ )

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් අද (29) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 39 දෙනෙකු හදුනාගත් බවත්,එම අසාදිතයන් වැඩි පිරිසක් එකම පවුලේ සමාජිකයන් බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

බගවන්තලාව නගරයේ තාවකාලිකව වසා දැමුණු වෙලදසැල් 19 ක ව්‍යාපාරිකයන් සහ වෙලදසැල් සහයකයන් 19 දෙනෙකුට පෙර අසාදිතයන් බවත්,එම අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් 100 දෙනෙකුගෙන් ඉකුත් (27) දින පි.සි.ආර් පරික්ෂණට භාජනය කල බවත්,ඉන් 39 දෙනෙකු නව අසාදිතයන් වශයෙන් හදුනාගත් බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේය.

අසාදිතයන් හැටන් පොඩයිස් වත්ත , බගවන්තලාව කොටියාගල වත්ත , ආරියපුර  ඇතුළු වතු හතක සිටින බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේය.

නව අසාදිතයන් 39 දෙනාගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමටත් අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට පියවර ගන්නා බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

තාවකාලිකව වසා දැමු බගවන්තලාව නගරයේ වෙලදසැල් විෂබිජහරණය කර වෙනත් සේවකයින් යොදා වෙලදසැල් විවෘත කිරිමට උපදෙස් ලබාදුන් බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

 



අදහස් (0)

බගවන්තලාවෙන් අසාදිතයින් 39 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 156 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 776 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 378 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site