IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බැංගලෝරයට අඟුළු දමයි

ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන බැංගලෝරයට මේ වනවිට අඟුළු දමා ඇත.

ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියනයකට ආසන්න වී තිබෙන අතරදෛනිකව වාර්තා වන ආසාදිත මරණ ගණන 500ක් වී තිබේ.

ඉන්දියාව පසුගිය මාර්තු මාසයේදී මුළු රටටම ‘ලොක්ඩවුන්’ සීමා පැනවූඅතර එය ලොව රටක් පැනවූ දැඩිම සීමාවලින්එකක් ලෙස ද සැලකුණි. එහෙත් මැයි මාසයේ සිට එම සීමා ලිහිල් කිරීමට ඉන්දියාව ක්‍රමයෙන් පියවර ගත්තේය.

ඉන්දියාවෙන් අද (15) පස්වරු වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 9,36,181ක් වූඅතර එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 24,309කි.

මෙම සංඛ්‍යාවලින් ඉන්දියාවේ සැබෑ ස්වරූපය පෙන්නුම් නොකරන බවත් තත්ත්වය මීට වඩා දරුණු බවත් බොහෝවිශේෂඥයෝ අනතුරු අඟවති.

නව කොරෝනා වයිරසයෙන් ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ නගර වන්නේ නවදිල්ලිය සහ මුම්බායි වන නමුත්මේ වනවිට බැංගලෝරය ද වයිරසය පැතිර යෑමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබේ. බැංගලෝරයේ ජනගහනයමිලියන 13කට ආසන්න වේ.

බැංගලරෝයට පැනවූ නව සීමා ඊයේ (14) රාත්‍රී 8 සිට ක්‍රියාත්මක වේ. හදිසි අවශ්‍යතා සඳහා පමණක් ප්‍රවාහන සේවාභාවිත කළ හැකි අතර අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙළෙඳසැල් පමණක් විවෘතව තැබිය හැකි.

බැංගලෝරයේ ප්‍රධාන ආදායම් මාර්ගය මෙන්ම එම නුවර ජීවනාලිය වන්නේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයයි. ගෝලීයසමාගම් රැසක තොරතුරු තාක්ෂණ සේවා මෙන්ම ඒවායේ මෙහෙයුම් කටයුතු සිදුවන්නේ ද බැංගලෝරයේ ය. කාර්යාලරැසක් එම නුවර පිහිටා ඇත. වත්මන් ලොක්ඩවුන් සීමා සමඟා එක් අවස්ථාවකදී ඒවායේ සේවය කළ හැක්කේ සම්පූර්ණකාර්යමණ්ඩලයෙන් සියයට 50කට පමණි.

ඒ.එෆ්.පී.

055

 

 

 



අදහස් (0)

බැංගලෝරයට අඟුළු දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31211 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13374 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10971 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 74 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 906 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 272 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site