
පී.සී.ආර්. පරීක්‍ෂණයට මුහුණ දුන් අය කෝවිඩ් -19 ආසාදිතයන් ලෙස තහවුරු නොවූවද ඔවුන් සති දෙකක නිරෝධායන ක්‍රියාවලියකට භාජනය විය යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදාත් සමරවීර මහතා පැවසීය. ඔහු වැඩි දුරටත් කියා සිටියේ කොවිඩ් -19 රෝගීන්ගේ පළමු හා සමීප සම්බන්ධතා මත පී.සී.ආර් පරීක්ෂණ පවත්වන බවත් පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය වූවන්ට වෛරසය ආසාදනය වීමේ වැඩි ඉඩක් පවතින බවත්ය.
“අපි කොවිඩ් -19 රෝගීන්ගේ පළමු හා සමීප සම්බන්ධතා පැවැත්වූවන් සහ අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් සඳහා පී.සී.ආර් පරීක්ෂණ පවත්වනවා. ඒත් පී.සී.ආර් පරීක්ෂණයකට යටත් වීමෙන් අදහස් වන්නේ ඔහු හෝ ඇය වෛරසය ආසාදනය වීමේ හැකියාවක් පවතින බවයි. “
“එබැවින්, පී.සී.ආර් පරීක්ෂණවලට භාජනය වන අය, පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතිඵල සෘණවූවත් සති දෙකක නිරෝධායන ක්‍රියාවලියකට භාජනය කිරීම අනිවාර්ය වෙනවා. ඔවුන්ගේ දින 14 ක නිරෝධායන කාලයෙන් පසුව තවත් පී.සී.ආර් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි“ යයිද වෛද්‍ය සමරවීර මහතා පැවසීය.
පී.සී.ආර් පරීක්ෂණවලට භාජනය වූ පුද්ගලයින් පී.සී.ආර් වාර්තා ලැබෙන තෙක් එහා මෙහා ගමන් කරන්නේ නම් එය ප්‍රජාවට පමණක් නොව ඔවුන්ගේ ආසන්නතම පවුලට ද විශාල අනතුරක් වනු ඇතැයි වෛද්‍ය සමරවීර මහතා පැවසීය.
“පී.සී.ආර් පරීක්ෂණයකට ලක්වී එය සෘණ අගයක් ගත් පමණින් යමෙකු නිරෝගී බවක් අදහස් වෙන්නේ නෑ. නොවේ. යමෙකුට රෝග ලක්ෂණ පහළ වී නොතිබුණත් ඔවුන් සංචරණය සීමා කළ යුතුයි. එසේ නොවුවහොත් රෝගය පැතිරීම පාලනය කිරීම දුෂ්කර වේවි“ යයිද වෛද්‍ය සමරවීර මහතා පැවසීය.
213
COMMENTS
පසුගිය දවස්වල අලුත්ගම නගරයේ පී සී ආර් පරීක්ෂණ කළා. අත්මේස් මාරුකලේ නැහැ. එතැන ඒක ආසාධිතයෙකු සිටියා නම්,ඔක්කෝටම වැඩේ හරි.