IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පී.සී.ආර්. පරීක්‍ෂණය කළොත් දෙසතියක නිරෝධායනය අනිවාර්යයි

පී.සී.ආර්. පරීක්‍ෂණයට මුහුණ දුන් අය කෝවිඩ් -19 ආසාදිතයන් ලෙස තහවුරු නොවූවද ඔවුන් සති දෙකක නිරෝධායන ක්‍රියාවලියකට භාජනය විය යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදාත් සමරවීර මහතා පැවසීය. ඔහු වැඩි දුරටත් කියා සිටියේ කොවිඩ් -19 රෝගීන්ගේ පළමු හා සමීප සම්බන්ධතා මත පී.සී.ආර් පරීක්ෂණ පවත්වන බවත් පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය වූවන්ට වෛරසය ආසාදනය වීමේ වැඩි ඉඩක් පවතින බවත්ය.

“අපි කොවිඩ් -19 රෝගීන්ගේ පළමු හා සමීප සම්බන්ධතා පැවැත්වූවන් සහ අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් සඳහා පී.සී.ආර් පරීක්ෂණ පවත්වනවා. ඒත්  පී.සී.ආර් පරීක්ෂණයකට යටත් වීමෙන් අදහස් වන්නේ ඔහු හෝ ඇය වෛරසය ආසාදනය වීමේ හැකියාවක් පවතින බවයි. “

“එබැවින්, පී.සී.ආර් පරීක්ෂණවලට භාජනය වන අය, පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතිඵල සෘණවූවත් සති දෙකක නිරෝධායන ක්‍රියාවලියකට භාජනය කිරීම අනිවාර්ය වෙනවා. ඔවුන්ගේ දින 14 ක නිරෝධායන කාලයෙන් පසුව තවත් පී.සී.ආර් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි“ යයිද වෛද්‍ය සමරවීර මහතා පැවසීය.

පී.සී.ආර් පරීක්ෂණවලට භාජනය වූ පුද්ගලයින් පී.සී.ආර් වාර්තා ලැබෙන තෙක් එහා මෙහා ගමන් කරන්නේ නම් එය ප්‍රජාවට පමණක් නොව ඔවුන්ගේ ආසන්නතම පවුලට ද විශාල අනතුරක් වනු ඇතැයි වෛද්‍ය සමරවීර මහතා පැවසීය.

“පී.සී.ආර් පරීක්ෂණයකට ලක්වී එය සෘණ අගයක් ගත් පමණින් යමෙකු නිරෝගී බවක් අදහස් වෙන්නේ නෑ. නොවේ. යමෙකුට රෝග ලක්ෂණ පහළ වී නොතිබුණත්  ඔවුන් සංචරණය සීමා කළ යුතුයි. එසේ නොවුවහොත් රෝගය පැතිරීම පාලනය කිරීම දුෂ්කර වේවි“ යයිද වෛද්‍ය සමරවීර මහතා පැවසීය.

213



අදහස් (1)

පී.සී.ආර්. පරීක්‍ෂණය කළොත් දෙසතියක නිරෝධායනය අනිවාර්යයි

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 17 November 2020 09:21 AM

පසුගිය දවස්වල අලුත්ගම නගරයේ පී සී ආර් පරීක්ෂණ කළා. අත්මේස් මාරුකලේ නැහැ. එතැන ඒක ආසාධිතයෙකු සිටියා නම්,ඔක්කෝටම වැඩේ හරි.

:       4       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 87 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 884 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site