
(ක.ග.කරුණාරත්න)
කොරෝනා වයිරසය ආසාදනය වූ සිවිල් ආරක්‍ෂක භටයා සේවය කළ හිඟුරක්ගොඩ පාළුවැව පිහිටි සිවිල් ආරක්‍ෂක බලකා කඳවුරේ 500 දෙනෙකුගේ පී.සී.ආර්.පරීක්‍ෂණ අද (03) දිනයේ සිදුකළ බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය කියයි.
කොරෝනා වැළඳී ඇති සිවිල් ආරක්‍ෂක භටයා සිය තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා පසුගියදා එම සිවිල් ආරක්‍ෂක බලකා කඳවුරට ගොස් ඇති බවට කරුණු අනාවරණය වීමෙන් පසුව මේ පියවර ගත් බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා පැවැසීය.
ඊට අමතරව එම සිවිල් ආරක්‍ෂක භටයාගේ ආශ්‍රිතයින් පිළිබඳව සොයා බලමින් ඔවුන් සම්බන්‍ධයෙන් අවශ්‍ය සෞඛ්‍ය පිළිවෙත් තවදුරටත් ක්‍රියාත්මක කරන බවද ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd