(ලසන්ත නිරෝෂණ)
කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු පැල්මඩුල්ල ප්‍රදේශයේ පිහිටි තම නිවෙස්වලට පැමිණ සිටිමෙන් එම නිවෙස්වල සාමාජිකයින් පස් දෙනෙකු සහ විහාරස්ථානයක හිමිවරුන් පස් නමක් අද (10) නිරෝධායනයට කර ඇත.
පැල්මඩුල්ල සන්නස්ගම කිරිවැල්දෙනිය සහ පැල්මඩුල්ල නාරංගොඩ ප්‍රදේශවල පිහිටි නිවාස වෙත මෙම පුද්ගලයින් දෙදෙනා නිවාඩුවට පැමිණ තිබේ.
කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට කිරිවැල්දෙනිය නිවෙසට පැමිණි පුද්ගලයා ප්‍රදේශයේ විහාරස්ථානයක ද වැඩි වේලාවක් ගත කිරිම හේතුවෙන් එම විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා පස් නමක් ද නිරෝධායනයට යොමු කිරිමට පැල්මඩුල්ල සෞඛ්‍ය වෙද්‍ය කාර්‍යාලය කටයුතු කළේය .
පැල්මඩුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනි වෛද්‍ය ශිරන්ති රණසිංහ මහත්මිය පැවසුවේ කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට පැමිණි නිලධාරීන් දෙදෙනා නැවත එම මධ්‍යස්ථානයට ආරක්ෂිතව ලෙස යැවු බව ද වෛද්‍යවරිය පැවසුවාය.
ප්‍රදේශයේ ජනතාව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැති බවත් මහජනතාව සෞඛ්‍ය පුරුදු නිසි ලෙස අනුගමනය කළ යුතු බවත් පි සී ආර් පරික්ෂණයේ ප්‍රතිඵල හෙට (11) ලබා දීමට නියමිත බවත් පැල්මඩුල්ල මහජන සෞඛ්‍ය වෛද්‍යවරිය කීවාය.
COMMENTS