
(ටී.කේ.ජී.කපිල)
පෝලන්ත ගුවන් සේවා කාර්යය මණ්ඩල සාමාජිකයකුට සහ කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ අංශයේ සේවකයකු ඇතුළු සිව් දෙනෙකුට අද (12) දින කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි කටුනායක සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම මීට අමතරව කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවයේ නියුතු සේවිකාවකට සහ තවත් ප්‍රදේශවාසියකුට ද මෙම කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි සුරේෂ් කුමාර මහතා පැවසීය.
ඒ අනුව කොරෝනා දෙවන රැල්ල තුළ කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළින් මේ දක්වා කොරෝනා ආසාදිත රෝගීන් 525 දෙනෙකු වාර්තා වී ඇති බව ද පරිපාලන මහජන සෞඛ්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
මෙසේ අද දින වාර්තා වී ඇති කොරෝනා ආසාදිත රෝගීන් සිව් දෙනා වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා විශේෂ ගිලන් රථ මගින් රැගෙන යාමට පියවර ගනිමින් සිටින බව සුරේෂ් කුමාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.