(එම්.සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ තිලකපුර මහා මාර්ගයේ ගමන් ගනිමින් සිටියදී ඇද වැටී මියගිය පුද්ගලයකු කොරෝනා ආසාධනයවී ඇති බවට අද (25) තහවුරුවූ බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කර්යාලය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ තිලකපුර පදිංචි හැටතුන් හැවිරිදි අයෙකු බවද එම කාර්යාලය කියයි.

ඔහු ආයතනයකින් ලබාදුන් සහනාධාර මල්ලක් ලබා ගෙන නිවසට එමින් සිටියදී හදිසියේම බිම වැටි ඊයේ (24) මිය ගොස් තිබූ බවත් මිය ගිය ඔහු සදහා කළ පී.සී.ආර්. පරීක්ෂණය ධනාත්මක බවට අද (25 ) තහවුරුවූ බවද අම්බලන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ.ආර්. පාලිත මහතා කීවේය.