
(බන්දුල ඉලේපෙරුම)
බත්තරමුල්ල පැලවත්ත පිහිටි පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ නිලධාරියකුගේ පවුලේ අයකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇතැයි අද(8) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
පොදුජන පෙරමුණු මන්ත්‍රී ශාන් විජයලාල් මහතා පාර්ලිමේන්තුවේදී විමසා සිටියේ අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයට ගිය අවස්ථාවේදී ඊට ඇතුල්වීමට ඉඩ නොදුන් බවත්, වත්මන් කොවිඩ් තත්ත්වය නිසා එවැනි තීරණයක් ගනු ලැබුවේද යන්නයි.
ඊට පිළිතුරු දෙමින් කථානායකවරයා කියා සිටියේ පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ සේවය කරනු ලබන නිලධාරියෙකුගේ පවුලේ ඥාතියෙක්ට කොවිඩ් වයිරසය ආසාදනය වූ බවට තහවුරු වීම නිසා එලෙස පිටස්තර පුද්ගලයින්ට ඇතුල්වීමට ඉඩ ලබා නොදීමට තීරණය කළ බවය.
COMMENTS
අනේ ෂාන් මහත්තයො. ඔයා අම්බලන්ගොඩ හිටියත් වැඩක් නැහැ. ඔයා දකූණු පළාත් සභාවේ වසර 25 කට වඩා කලක් හිටියා. ඉන් වසර 15ක් මහ ඇමති. වසර 10ක් ඊට අමතරව අධ්‍යාපන ඇමති. මොනවද අනේ අම්බලන්ගොඩ උපන් ගමට කලේ? ඔක්කොම ටික කාලා කාලා කාබාසිනියා කරා මිසක්. දැන් ඉතිං ඇවිත් අපිටත් කෝවිඩ් දෙන්න එපා. කරුණාකරලා මේ හදිසි තත්වය මග හැරෙනකම් කොළඹටම වෙලා ඉන්න...
අනේ කථානායකතුමනි, ෂාන්ට අම්බලන්ගොඩ පැත්තේ යන්න එපා කියලා කියන්න. හිටියත් වැඩක් තියෙනවයැ..
මේ වෙලාවේ ඕකේ ඉන්න ඔක්කොම එලවලා අලුතින්ම පාර්ලිමේන්තුවක් හදාගන්න හොඳ අවස්ථාවක්.. තුනෙන් දෙක නැහැ කියකියා කෙබර ගැහුුවා. දැන් වැඩ කරන්න. දැන් කොරෝනා කියලා ගේම හගනවා. මිනිස්සු හිතන්නේ මේවා මේ ඔක්කෝම ඇත්ත කියලා... ඔබලා 225න් අපිට වැඩක් නැත. අපි මහන්සි වුවහොත් අපි ජීවත් වනු ඇත. අපේ මහන්සියෙන් නුඹලා රජවනු ඇත.