IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පැය 24 ක් තුළ ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 60,209 ක්

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් අඟහරුවාදා (7) දිනයෙන් අවසන් වූ පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 60,209කු වාර්තා වී ඇත.

එරට ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව එම පැය 24ක කාලයේදී වයිරස ආසාදිතයන් 60,209 දෙනකු සහ වයිරස ආසාදිත මරණ 1,114ක් වාර්තා වී ඇත.

මේ වනවිට ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් සහ වයිරස ආසාදිත මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 3,016,515කි. එරටින් වාර්තා වන සමස්ත වයිරස ආසාදිත මරණ ගණන 131,660කි.

මේ අතර, ‘‘මම හිතනවා අපි ඉතා හොඳ තත්ත්වයක සිටිනවා’’ යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ (7) පැවැසීය. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය නිල වශයෙන් ඉවත් කරගන්නා බව නිවේදනය කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ඒ බව කීය.

නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරය එරට පමණක් නොව ජාත්‍යන්තරයේ ද දැඩි විවේචනයට ලක්ව ඇත.

ඒ.එෆ්.පී.

055

 



අදහස් (1)

පැය 24 ක් තුළ ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 60,209 ක්

eresh S kumara Thursday, 09 July 2020 03:12 AM

නොසැලකිලිමත්කම නිසා තමයි වැඩි වෙලා තියෙන්නේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 181 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site