(ශාන්ත චන්ද්‍රසිරි සහ සිසිර ලලිත් කුමාර)

නුවරඑළිය දිස්ත්‍රික්කයේ, නාවලපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කැටඹුලා වතුයායේ මැද  කොටස    අද  (27)  හුදකලා කිරීමට කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවර ගෙන තිබිණි.

එම වතුයායේ පුද්ගලයන් 21 කුට සිදු කරන ලද පී. සී. ආර්. පරීක්ෂණවලින් පුද්ගලයන් 14 කුට  කොවිඩ් වෛරසය ආසාදිතව ඇති බවට තහවුරුවීමත් සමග වතුයාය මෙසේ හුදකලා කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

වතු කොටසට  පිවිසෙන මාර්ගය  අසුරා විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නාවලපිටිය  පොලීසිය  විසින්   පියවර ගෙන තිබිණි.