(රේඛා තරංගනී ෆොන්සේකා)
 
 
නුගේගොඩ ජනතා පොළේ මාලු වෙළෙඳසැලේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව පී.සී.ආර් පරීක්ෂණවලින් තහවුරු වීම හේතුවෙන් ජනතා පොළේ ව්‍යාපාරික කටයුතු තාවකාලිකව නවතා දැමීමට කෝට්ටේ මහා නගර සභා සෞඛ්‍ය අංශය පියවර ගත්තේය.
 
ජනතාපොළ පරිශ්‍රය ජීවානුහරණය කර, සෞඛ්‍ය ආරක්ෂිත කටයුතු පිළිබඳවද ජනතාව දැනුවත් කෙරුණු අතර වෙළඳපොළ කලාපයේ නිරෝධාන දැන්වීම් ඇලවීම පියවර ගත්හ.
 
ග්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පුරපති අයි.ඒ.වී ප්‍රේමලාල් මහතාගේ උපදෙස් මත සොඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රොඩ්‍ර්ගු ,ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක මාලින්ද ජයවර්ධන ,ලහිරු කරුණාරත්න මේ අවස්ථාවට එක්ව සිටියහ.