සියලු බෞද්ධ දහම් පාසල්වලට ද නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි.

කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් මේ වනවිට රටට බලපා ඇති තත්වය හමුවේ, ශ්‍රී ලංකාවේ සියලු පාසල් සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවාඩු ලබාදීමට සමගාමීව මෙම තීරණය ගෙන ඇත.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ උපදෙස් අනුව, නැවත දහම් පාසල් ආරම්භ කිරීමට නියමිතය.