(නිමල කොඩිතුවක්කු)

දුර ගමන් සේවා බස් රථ සති අන්තයේ හෙට(21) සහ අනිද්දා(22) දිනයේ සාමාන්‍ය පරිදි ධාවනයට එක් කෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ධාවන එච්. පණ්ඩුක මහතා ලංකාදීපයට පැවැසීය.

හුදකලා කර ඇති ප්‍රදේශවලින්  මගීන් නංවා ගැනීම හෝ බැස්සවීම සිදු නොකරන බවත් ඔහු සඳහන් කළේය.

සෙසු ප්‍රදේශවල බස්රථ සාමාන්‍ය පරිදි ධාවනයට එක් කරන ලෙසට ඩිපෝ කළමනාකරුවන් වෙත උපදෙස් ලබාදී ඇති බව ද පණ්ඩුක මහතා වැඩිදුරටත් පැවසීය.