IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දඹුල්ලේ සම්බාහන මධ්‍යස්ථාන දෙකක 13 ක් නිරෝධායනයට

 

(කාංචන කුමාර ආරියදාස)

 

නිරෝධායන නීතියට පටහැනිව රූපලාවන්‍යගාර පවත්වාගෙන යන මුවාවෙන් සම්බාහන මධ්‍යස්ථාන සහ විවිධ ලිංගික උත්තේජන කටයුතු සිදුකළ දඹුල්ල ඉනාමළුව ස්ථාන දෙකක් වටලා 13 දෙනෙකු නිරෝධායනයට යොමු කිරිමට දඹුල්ල සහ සීගිරිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද (4) පියවර ගත්හ.

එම 13 දෙනා අතර  කාන්තාවන් 9 දෙනෙකු පිරිමි 4 දෙනෙකු මෙලෙස නිරෝධායනයට යොමු කෙරිණි.

දඹුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජයනාත් ජයසුන්දර මහතාට ලැබුණු තොරතුරක් මත දඹුල්ල සීගිරිය ඉනාමළුව යන කලාපවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමඟ මෙම සම්බාහන මධ්‍යස්ථාන වැටලීමට ලක් කෙරිණි.

ඒ අනුව දඹුල්ල ඉනාමළුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ සම්බාහන මධ්‍යස්ථානයක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රූපලාවන්‍යාගාරයක් ආරම්භ කිරීමට ලබාදුන් අවසර පත්‍රයට මුවා වී තරුණියන් පස් දෙනෙකු යොදවා සම්බාහන සහ වෙනත් ලිංගික අවශ්‍යතා ඉටු කරමින් සිටියදී මෙම වැටලීම සිදුකර ඇත.

මෙම ස්ථානයේ සේවය ලබාගැනීම සඳහා පැමිණ සිටි පුද්ගලයන් කීපදෙනෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ වෛද්‍යවරු එම ස්ථානයට පැමිණෙද්දී ප්‍රධාන මාර්ගය දිගේ දිව යන්නට වූහ.

තවත් පිරිසක් එම ස්ථානයෙන් පිටව යන්නට වූයේ තම මිතුරන් කීපදෙනෙකු බැලීම සඳහා පැමිණි බව පවසමිනි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ස්ථානයට යන විටත්  තරුණියන් පස් දෙනෙකු එම ස්ථානයෙන් සඟවා තබාගැනීමට එහි අයිතිකරුවන් කටයුතු කෙරිණි.

එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩිව අවවාද කරද්දී තරුණියන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඉදිරිපත් කරන්නට වූහ.

ඒ වනවිටත් ගලේවෙල ,අනුරාධපුර ,නාවුල ,දඹුල්ල ,පොලොන්නරුව  ආදී විවිධ ප්‍රදේශවල පුද්ගලයන් මෙම ස්ථානයෙන් සේවා ලබාගෙන ඇති බවට ලිඛිත තහවුරු රැසක් අනාවරණය විය.

මෙම සම්බාහන මධ්‍යස්ථාන සේවය කරමින් සිටි තරුණියන් සහ එම පිරිස් මෙන්ම පහුගිය දින කිහිපයේ මෙම කණ්ඩායමෙන් සේවා ලබාගත් පිරිසගේ නාමලේඛනය ලබාගෙන ඔවුන් පිළිබඳව පිසිආර්  පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් එතෙක් මෙම ස්ථාන සම්පුර්ණයෙන් වසා දමන ලෙස සීගිරිය මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත කුමාර මහතා නියෝග කළේය.

කොරෝනා  වසංගතය පාලනය කිරීමේ නීතිය යටතේ සම්භාහන  මධ්‍යස්ථානය විවෘත කිරීමට මෙතෙක් අවසර දී නොමැති බව දඹුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජයනාත් ජයසුන්දර මහතා පැවසීය.



අදහස් (0)

දඹුල්ලේ සම්බාහන මධ්‍යස්ථාන දෙකක 13 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site